මනස දුරස්ථ පාලකයක් ලෙස…
රුපවාහිනිය ප්රධානම විනෝදාස්වාදය සැපයීමේ මාධ්යක්වුවද ඔබගේ නවතම smart TV එකේ දුරස්ථපාලකය සොයාගැනීමට අපහසුවීම කොතරම් විනෝදයට හේතුවක් වන කරුණක් දැයි අප සැම දනිමු. එනමුදු අහිමි දුරස්ථපාලකය සොයා දඩයමේ යාම අතහැරීමට දන්කලය එළඹ තිබේ. ඒ වෙනුවට ඔබට ඔබගේ මනසේ බලය යොදා නාලිකාවන් වෙනස් කර හැකිය
එක්සත් රාජධානිය පදනම් කරගත් පරිශීලක අත්දැකීම් මද්යස්ථානයක් (user experience lab) සමග BBC ය සමග එක්ව මෙම අනාගත තාක්ෂනය අත්හදාබැලීම සදහා prototype එකක් නිර්මාණය කර ඇත. මෙහි යොදාගන්න ප්රධානතම මුලධර්මය වනුයේ අපගේ මොලයෙන් නිකුත් කරනු ලබන තරංගයන් (Brain Waves) හදුනාගෙන එමගින් රුපවාහිනියේ අදාල මෙහෙයුම ක්රියාත්මක කරවීමයි.
මේසදහා අපට දැනට පවතින තාක්ෂණයට අනුව රුපවාහිනිය ක්රියාතමක කරවන්නාට කුඩා head-set එකක් පැළදීමට සිදුවන අතර එමගින් එය පැළඳ සිටින්නා ගේ මොළයේ විද්යුත් ක්රියාකාරිත්වය මගින් Brain waves හදුනාගැනීම සිදුකෙරේ. තවද මෙහිදී අදාල කාර්ය ඉටුකරගැනීම සදහා මනසින් යෙදිය යුතු ශක්තිය, මානසික ඒකාග්රතාවය මත රදපවතිනු ඇත.
දුරස්ථපාලකය නැතිකරගන්න අයට පමණක් නොව විවිධ අබාධ සහිත පුද්ගලයන්ට විශේෂයෙන්ම මෙය යොදාගත හැකිවනු ඇත. දැනට මෙය පරීක්ෂණ මට්ටමේ ඇති මුත් අනාගතයේදී මෙය වඩා වේගවත් හා ප්රයෝජනවත්ව රුපවාහිනියට පමණක් සිමා නොවූ තාක්ෂනයක්වනු නොඅනුමානයි.
මෙහි prototype එක BBC රුපවාහිනි සේවදී ක්රියාත්මක කරවූ ආකාරය