තිර තුනේ Laptop පරිගණකය …
ඔබ desktop පරිඝනකයක් පරිහරණය කරන්නේ නම් ඔබ විවිද අවශ්‍යතාවයන් සදහා එක් පරිඝනක තීරයකට වඩා සවිකර ඔබගේ කාර්ය වඩා වේගවත්ව හා පහසුවෙන් ඉටුකරගත හැක. එනමුත් දැන් අප බොහෝවිට laptop පරිඝනකයේ එක් තිරයෙන් අකමැත්තෙන් වුවද සැහීමට පත්වීමට සිදුවී ඇත. කෙසේවුවත් දැන් බෙල්ජියම් සමාගමක් මගින් ඒසදහා නව විසදුමක් ලබාදී තිබෙනවා. Slide n Joy ලෙස නම් කර ඇති මෙය මගින් ඔබට ඔබගේ laptop පරිඝනකයට තවත් අඟල් 13,15, හෝ 17 ප්‍රමාණයේ සැහැල්ලු HD තීරයන් එකක් හෝ දෙකක් එක්කරගැනීමේ හැකියාව ලැබීතිබෙනවා.
මෙම තීරයන් Mac හා PC පරිඝනක දෙවර්ගය සමගම භාවිතා කරගත හැකි අතර එක් තිරයන් අංශක 180කින් හැරවීමේ හැකියාවද පවතිනවා. සම්පුර්ණයෙන්ම සැහැල්ලු ඇලුමිනියම් ලෝහයෙන් නිපදව ඇති මෙය විවිධවූ කෝණයන්ගෙන් තබාගැනීමේ හැකියාවද ඇත. උදාහරණයක් වශයෙන් තිරයක් සම්පුර්ණයෙන් අංශක 180 හැරවීම මගින් පරිඝනකයට පිටුපසින් සිටින අයෙකුට වුවද නරභිමේ හැකියාව පවතිනවා. පහසුවෙන් ඔබගේ laptop තිරයේ පිටුපසට කුඩා චුම්බකයක් මගින් ඇලවිය හැකි වන අතර USB 2.0 ports දෙකක් හෝ එක් 3.0 USB port එකක් හරහා සම්බන්ධකිරීමෙන් එය ක්‍රියාකරවිය හැක.
මෙහි සම නිර්මාතෘ වන Charlee Jeunehomme පවසන ආකාරයට මෙහි prototype එක සම්පුර්ණයෙන් ක්‍රියාත්මක තත්වයේ පවතින අතර එහි බර හා ඝනකම අඩුකිරීමට කටයුතු කරමින් පවතිනවා. ඔවුන් විසින් නිර්මාණය කරනලද prototype එකේ ඝනකම 1.7 cm පමණ වන අතර අවසන් නිර්මාණය තවත් තුනිවියහැකි බවද ඔව්න් පවසනවා.
මෙහි මුලික වෙළද ප්‍රවර්ධන කටියුතු ඔව්න් ජුලි 6 වන දින ඇරඹු අතර. මෙය මුලික වශයෙන් අඟල් 13,15, හා 17 ප්‍රමාණයෙන් නිකුත් කිරීමට බලාපොරොත්තුවේ . එහි එක් තිරයක් ඇමෙරිකානු ඩොලර් 221ට මිල කර ඇති අතර තීරයන් දෙකක් සහිතව එය ඇමරිකානු ඩොලර් 332කට මිල කර ඇත.