මුහුදු පතුලේ හරිතාගාරය | Underwater Greenhouse…
ඉතා අසාමාන්යවූ මෙම හරිතාගාරය පිළිබඳව අපට වාර්තා වන්නේ ඉතාලියෙන්. Nemo’s Garden ලෙස හදුන්ව ඇති මෙය සම්පුර්ණයෙන්ම ජලයෙන් යට පිහිට තිබීම මෙහි ඇති අපුර්වත්වයයි.
ජලයේ ගිල්වූ අර්ධ කවාකාර මෙම හරිතගරයන් තුල ස්ට්‍රොබෙරි බෝංචි වැනි කුඩා ප්‍රමාණයේ පැල වගාකිරීමට සමත්ව තිබෙනවා.මේ සදහා මුහුදු ජලයේ ඇති ඒකාකාරී උෂ්ණත්වය, කාබන් ඩයොක්සයිඩ් අධි ගණත්වය හා කෘමි සතුන්ගෙ හානිවලින් 100% ම තොරවීම වාසිදායක බවට සැලකෙනවා. මෙහිදී ශාක වල උපරිම වර්ධනය සඳහා අර්ධගොලාකාර හරිතගාරයන් මුහුදු මට්ටමේ සිට මීටර 6ක් ගැඹුරින් රඳවා ඇති අතර උෂ්ණත්වය හා අර්ධතාවය 26 C හා 83% පවත්වාගෙන යනු ලබනවා.
මෙම ජලයෙන් ගිල්වූ හරිතාගාරය පවත්වාගෙන යනු ලබන්නේ Ocean Reef Group නමැති කිමිදුම් උපකරණ නිෂ්පාදන සමාගමක් විසින් වන අතර මෙය අරඹා දැනට වසර හතරක් ගතව ඇත. මෙය මුලින්ම අදහසක් ලෙස සමාගමේ ප්‍රධානියා වන Sergio Gamberini ට ඇති වී ඇති අතර ඔහු ඉන්පසු එය ක්‍රියාවට නැගීම තුලීම් Nimos Garden බිහිවී ඇත.