Virtual reality
බොහෝ ජංගම දුරකථ සමාගම් Virtual Reality අද්දැකීම ලැබිය හැකි දුරකථන වෙළඳපලට හදුන්වා දී අවසන්. Virtual Reality අද්දැකීම කෙබඳුද යන්න ඔබට පහලින් ඇති වීඩියෝවෙන් දැක බලාගැනීමට පුළුවන්.
අප අද හදුන්ව දෙන්නේ Nokia සමාගම මගින් ඉදිරිපත් කර ඇති Virtual Reality කැමරාව පිළිබඳවයි. OZO ලෙස නම්කර ඇති එය චිත්රිපට නිෂ්පාදනය සඳහා හදුන්වා දෙන ලද්දක්. මිට පෙර gopro හා samsung සමාගම් මගින් හදුන්වාදුන් කැමරා මෙන් නොව මෙය කැමරා අටකින් සමන්විත බෝලයක හැඩය ගත් කැමරාවක්. එක් එක් කැමරාවට වෙන වෙනම මයික්‍රො ෆෝන සම්බන්ධිත බැවින් ඒ ඒ දිශාවන් වලින් පැමිණෙන ශබ්ධයද වෙන වෙනම පටිගත කිරීමේ හැකියාවද පවතිනවා.කැමරාවන් අටම එකිනෙක සම්බන්ධ කොට ඇති නිසා වෙන වෙනම කැමරාවන් සම්බන්ධ කිරීමේදී ගතවන කාලයද අවම කරගැනීමට හැකියාව මෙය තුලින් ලැබී තිබෙනවා.
Nokia සමගම තවම තමා සම්පුර්ණ කැමරාව පිළිබඳව විස්තර හෙළි කර නොමැති මුත් මෙම කැමරාව මෙම වසරේ අගදී වෙළද පලට එක් කරනු ඇතැයි වාර්තා පලව තිබෙනවා