ජෛව යාන්ත්‍රික දෑත| Bio Mechanical Arms
ඔබට මතක ඇති අපි මීට දින කීපයකට අප සඳහන්කරා මනසින් ක්‍රියාත්මක හැකි දුරස්ථ පාලකයක් පිළිබඳව. අප එදින පැවසු පරිදි එම තාක්ෂනයටම සමාන තාක්ෂණයක් යොදාගනිමින් දෑතම අහිමි පුද්ගලයෙකුට තම සිතැඟි පරිදි ක්‍රියාත්මක කිරීමට හැකි යාන්ත්‍රික අත් දෙකක් සැදීමට ඇමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. මේ සඳහා සම්බන්ධවී ඇත්තේ මිට වසර 40කට ප්‍රථමව තම දෑතම විදුලි අනතුරක් අනිස අහිමු වූ Les Baugh නැමති ඇමෙරිකානු ජාතිකයෙක්. ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත වැසියෙක් වන මොහු මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වී ඇත්තේ Johns Hopkins University Applied Physics Laboratory
මෙම ව්‍යාපෘතිය පසුගිය දසවසර මුළුල්ලේම ක්‍රියාත්මක වුවක් වන අතර එහි අවසන් අදියර මේ අයුරින් ඉතාමත් සාර්ථකව නිමකිරීමට සමත්ව ඇත. තවද මෙම පර්යේහනයේ ඇති විශේෂත්වය නම් මෙහිදී එක අතක් නොව දෑතම සවිකිරීමත්, ඒවා වෙනවෙනම ක්‍රියාත්මක කිරීමට හැකිවිමත්ය. මෙම පර්යේෂණය සාර්ථක කරගැනීමට Les Baugh හට මුලින් ශල්‍යකර්ම කිහිපයකට මුහුණදීමටද සිදුව තිබෙනවා, ඒ ඔහුගේ දෑත් වල තිබු ස්නායු නැවත පණගැන්වීමට හා ඒවා ශරීරයේ ඉහල කොටසේ මස්පිඩු හා සම්බන්ද කිරීම සඳහායි. ඉන්පසුව දෑත ක්‍රියාත්මක කරවීමේ අවශ්‍යතාවය මත සක්‍රිය වන මස්පිඩු අධ්‍යනය කිරීමේ අනතුරුව ඒ ඒ සක්‍රිය මස්පිඩු වල පිහිටීම අනුව සංවේදක (sensors) සහිත ප්ලාස්ටික් ජැකට්ටුව නිර්මාණය කර තිබෙනවා. එමගින් ශරීරයේ ස්නායු හා යාන්ත්‍රික දෑත සමග සන්නිවේදනය පවතවාගෙන යනු ලබනවා.
මෙම ජැකට්ටුවෙන් ලැබෙන විධානයන් අනුව ඒවා හදුනාගෙන යාන්ත්‍රික දෑත් වල ඇති මෝටර් පාලනය කිරීම සිදු වනු අතර. ඒඅනුව දැනට ඔහුට විවිධ වස්තුන් ග්‍රහණය කිරීමට එසවීමට හා වෙනත් ස්ථානයන්ගෙන් තැබීමට හැකියාව ලැබී තිබෙනවා. මෙම හැකියාවන පුරුදු පුහුණු වීමට ඔහුට ගතව ඇත්තේ දින දහයක පමණ කාලයක්. තව දුරටත් අධ්‍යනයෙන් හා පුහුණුව තුලින් ඔහුට එදිනෙද ජිවිතයේ කටයුතු බොහොමයක් ඉටුකරගැනීමට හැකියාව ලැබෙනු ඇති බව පර්යේෂකයින් පවසනවා. තවමත් 100% සමාන්‍ය දෑතක ක්‍රියාකාරිත්වය නොමැතිමුත් ඒ සඳහා වන ගමනක මංසලකුණක් වනු ඇතිබවට විචාරකයින් පවසා තිබෙනවා.