El Niño අවධානමක් නුදුරේදීම

El Niño තත්වයක් Pacific සාගර කලාපය තුල නුදුරේදීම ඇතිවනු ඇතිබවට බොහෝ පිරිස් අනතුරු අඟවා තිබෙනවා. එලෙසම යම් ලෙසකින් El Niño තත්වයක් ඇතිවුවහොත් එය ඉතා අහිතකර අන්දමින් ලෝක කාලගුණය කෙරෙහි බලපානු ඇති බවටත්. එලෙස ඇතිවන El Niño තත්වයක් බොහෝ කාලයක් පුරාවට පවතිනු ඇති බවටත් අනතුරු ඇඟවීම නිකුත් වෙමින් පවතිනවා. 2014 වසර ආරම්භයේ සිටම යම් යම් පරික්ෂණයන් මෙවන් අනතුරු ඇඟවීම නිකුත් කර තිබුනත් මේ වනවිට තත්වය වඩාත් උග්‍ර වී ඇතිබව පැවසෙනවා.
මෙලෙස විද්‍යාත්මක ප්‍රජාව එල් තත්වයක් පිළිබඳව බියෙන් පසුවන්නේ පහත කරුණු සලකා බැලීම තුලින්.
1. Pacific සාගරයේ උෂ්ණත්වය දිගින් දිගටම ඉහල යාම
එල්නිනෝ තත්වයකදී සමකය අසන්න Pacific සාගර කලාපයේ උෂ්ණත්වය සාමාන්‍ය මට්ටමට වඩා 0.8°C පමණ ඉහල අගයක් ගන්නවා. නමුත් දැනට වාර්තාවෙන දත්ත අනුව දැන් සමක අසන්න Pacific සාගර කලාපයේ උෂ්ණත්වය සාමාන්‍ය උෂ්ණත්වයට වඩා 1.0°C කින් ඉහල ගොස් ඇති අතර පුරා සති 12 ක කාලයක් පුරාවට මේ උෂ්ණත්ව මට්ටම අඩු නොවී පවතින බවටයි වාර්තා වන්නේ.
2. ඔස්ට්‍රේලියාවට ඉහලින් සාගර මට්ටම පහල බැසීම
සමක අසන්න මුහුදේ උෂ්ණත්වය ඉහල යන විට සාමාන්‍ය සුළං සහ දියවැල් ක්‍රියාකාරිත්වයට භාදා ඇතිවීම නිසා ඒවා තරමක් දුරට වෙනස් වෙනවා මේ නිසා ඔස්ට්‍රේලියාවට ඉහලින් වන මුහුදු කොටසේ මුහුදු මට්ටම පහල යමක් සිදුවෙනවා. මෙය එල් ක්රියාකාරිත්වයන් සමග සෘජු සබඳතාවක් පවතින අතර. එල් තත්වයක් ඇතිවෙන බවට පරනිමිති කියන්නක් ද වෙනවා. දැනට වාර්තා වන දත්ත අනුව මේ කලාපයේ මුහුදු මට්ටම සාමාන්‍ය අගයට වඩා 25cm පමණ පහත බැස තිබෙනවා
එල්නිනෝ තත්වයක් කාලගුණය සඳහා විශාල වෙනසක් සිදුකරන්න පුළුවන් පහත දක්වෙන්න එල්නිනෝ තත්වයක් උද්ගත වුවහොත් එමගින් ඔස්ට්‍රේලියාවට ඇතිවිය හැකි බලපෑම් කිහිපයක්