බ්‍රහස්පති වෙත ලංවිම|Catching Jupiter

මිනිසුන් වශයෙන් අපට ඇත්තේ කිසිදිනක නොසන්සිදෙන කුතුහලයක්. සෑම දෙයක් පිළිබඳවම සෙවීම අධ්‍යනයට අපට ඇත්තේ අපිරිමිත ආශාවක්. එහිදී අප ජිවත් වන ලොවට පමණක් එම කුතුහලය සිමාවන්නේනැ. ප්ලුටෝගේ විස්තරද සොයාබැලීමෙන් අනතුරුව පර්යේෂකයින් අප සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තයා වන බ්‍රහස්පති වෙත අවධානය යොමු කර තිබෙනවා. පෘථිවියේ සිට සැතපුම් මිලියන 588 ඇතින් පිහිටන බ්‍රහස්පති වෙත ළඟාවීමද පහසු කටයුත්තක් නොවේ. එයට දල වශයෙන් මාස නමයක පමණ කාලයක් ගතවනු ඇත. නමුත් ප්‍රධානම ගැටලුව එයට ලගාවීම නොවේ
අඟහරු වෙත විවිදවූ rover යැවීම සිදුකෙරුණේ එය මත පැහැදිලි පෘෂ්ටයක් (surface) පවතී නිසාවෙනි. නමුත් බ්‍රහස්පති යනු විවිධවූ වායුන් පිරි විශාල කුණාටු සක්‍රියව පවතින ග්රහලොවක්. එබැවින් එවැනි ග්‍රහලෝවකට rover යානාවක් යැවීම සිදුකරීමට අපහසු කාරණාවක්. එබැවින් පර්යේෂකයින් බ්‍රහස්පති ග්‍රහය මත සක්‍රියව පවත්වාගැනීමට හැකියාවක් ඇති යානාවක් සැදීම සඳහා අවධානය යොමුකර තිබෙනවා. මෙහිදී පාවෙන රොබෝ යානාවන් වල තාක්ෂණය නව මාවතකට ගෙනයාමට ඔව්න් බලාපොරොත්තු වනවා. මුලික වශයෙන් මෙම යනවා කිසිදු පියාපතක් හෝ තටු වලින්යුතු නොවන අතර එය උඩුකුරු තෙරපුම් බලය යොදාගෙන හයිඩ්රජන් පිරවූ බැලුමක් මෙන් පාකරවීමට බලාපොරොත්තු වනවා. අභ්‍යන්තර අක්ෂිය චලනයන් මගින් දිශාවන් වෙනස් කිරීමට හැකිව ලබාදීම මගින් එයට වායුගෝලය තුල ගමන්කිරීමේ හැකියාව ලැබෙනු ඇති. තවද බ්‍රහස්පති මත පවතින අධික චුම්භක ක්ෂේත්රය තුල පැවතීමේ හැකියාව, අධික උෂ්ණත්වය හා අධික පීඩනය සඳහා මුහුණ දීමට මෙම යානාවට සිදුවේ.
පර්යේෂකයින් ලබන වසරේ ක්‍රියාත්මක වන Juno ව්‍යාපෘතියෙන් පසුව ඉන් ලැබෙන දත්තයන් මෙම ව්‍යාපෘතියට යොදාගැනීමට නියමිතයි. මිට ප්‍රථමව බ්‍රහස්පති වෙත යානාවන් යවනු ලැබූ අතර ඒවා බොහොමයක් බහිරව ස්ථානගත කරන ලද යානාවන් වේ. උදාහරණයක් ලෙස බ්‍රහස්පති කර යැවූ Galileo යානාව වසර 2003 වනතෙක් වසර 7ක් පුරාම බ්‍රහස්පතිගේ කක්ෂයේ පවතී අතර එය බ්රහස්පතිහේ වායුගෝලයට probe එකක් ද හෙලනු ලැබුවා. නමුත් එය ඇතුළුවී මිනිත්තු 78 තුලදී එය අධික උෂ්ණත්වය හා පීඩනය හේතුවෙන් විනාශවිය. එබවීම් මෙවැනි පාවෙන රෝබෝවක් යැවීම පිළිබඳව බලාපොරොත්තුවක් තැබිය හැකි බව NASA ආයතනය පවසනවා