Apple හා Google එක්ව සැදු ජලය ඉතිරිකරන Nebia shower එක
ජලය අප වැනි රටකට එතරම් හිග සම්පතක් නොවුවත් ලොව බොහෝ රටවලට මිනිස් අවශ්‍යතාවන් සඳහා පිරිසිදු ජලය ලබාගැනීම ඉතාමත් මිල අධික වගේම අපහසු කාර්යයක්. වැඩිවන ජනගහනය හමුවේ ඔව්න් සැමවිටම තම සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට උනන්දුවක් දක්වනවා. ඇමෙරිකාවේ සැන්ෆ්රන්සිස්කෝ නගරය තවත් මිලියනයකට ආසන්න ජනගහනයක් ඇති නගරයක්. එහි ස්ථානගත වුනු සමාගමක් වන Nebia සමාගම නවතම ජලය ඉතුරුකරන shower එකක් හදුන්වාදීමට සුදානම් වනවා.
ඔව්න්ගේ දත්ත වාර්තාවන් අනුව දිනකට ඇමෙරිකානු පුද්ගලයෙක් ස්නානය සදහා ජලය ලීටර 75ක් පමණ වැයකරනු ලබනවා. නමුත් මෙම නවතම shower එක මගින් එම ජල පරිමාව ලීටර 22ක් දක්වා අඩුකිරීමට සමත්වනවා . එනම් 70% තරම් ජලප්රමනයක් මෙමගින් ඉතුරුකිමට හැකියාව ලැබෙනවා. එමගින් දිනකදී ඉතිරිවන ජලය ප්‍රමාණය මෙන්ම ඉතුරුවන මුදල් ප්‍රමාණයද අතිවිශාලයි.මෙහිදී සාමාන්‍ය shower එකකදී මෙන විශාල ප්‍රමාණයේ වතුර බිඳු වැටීමක් සිදුනොවන අතර ඒ වෙනුවට ඉතාමත් කුඩා ජලබිඳිති වේගයෙන් ශරීරයේ වැදීමට සලස්වනවා. එමගින් ජලය අපතේ යාම අවම කරන අතර කුඩා ජල ප්‍රමාණයකින් ස්නානය සම්පුර්ණ කරගත හැකිවනවා. තවද මෙහිදී ජල බිඳිති සැදීම සඳහා යොදාගන්නා nozzle එක ඉතා උසස් තාක්ෂණයක් සහිතව නිපදව තිබෙනවා. එහිදී එය සැලසුම් කිරීම සඳහා ජෙට් එන්ජින් සැදීමට උපයෝගී කරගන්නා මෘදුකාංග කිහිපයක්ද භාවිතා කොටඇති බවද ඔව්න් පවසනවා.
එපමණක් නොව මෙම shower එක නිපදවීමේදී Apple සමගම හා Googleසමාගම් දෙක සමග Nebia කණ්ඩායම කටයුතු කර තිබෙනවා. Apple සමාගමේ විධායක අධ්‍යාක්ෂක වන Tim Cook හා Google Alphabet අධ්‍යක්ෂක වන Eric Schmidt මෙම ව්‍යාපෘතියේ මුල් ආයෝජකයින්ද වනවා. දැනට ඔව්න් මෙම shower එක ඇමෙරිකානු ඩොලර් 399කට මිල කර තිබෙනවා.