ටියාන්ජින් පිපිරිම හා පාරිසරික බලපෑම් (Tianjin Explosion)

පසුගිය 12 වනදින චීනයේ ටියාන්ජින් නගරයේ සියගණනකට මරුකදවමින් සිදුවූ පිපිරිම පිලිබදව හා එමගින් ඇතිවන පාරිසරික බලපෑම පිළිබඳව අප අද මෙම ලිපිය ඉදිරිපත් කිරීමට සිතුවා. ටියාන්ජින් වාරයේ බහලුම් රඳවා තබාගන්නා බහලුම් පර්යන්තයක මෙම පිපිරිම ඇතිවුයේ ඔව්න්ගේ වේලාවෙන් රාත්‍රී 11.30යි. මුලින් ඇතිවූ සුළු ගින්නක් පසුව මෙම අතිබිහිසුණු පිපිරිම සිදුවිය. තත්පර 30ක් තුල සිදුවූ පිපිරුම් දෙකක් මගින් පුද්ගලයින් 114 මරණයට පත්වූ අතර තවත් පුද්ගලයින් 70ක් අතුරුදහන්වී තිබෙනවා. මුලින් ඇතිවූ පිපුරුම TNT ටොන් තුනක පිපිරුමකට සමාන කරන අතර ඉන් පසුව ඇතිවූ පිපුරුම TNT ටොන් 21කට සමානකොට තිබෙන අතර එමගින් ඇතිවූ කම්පන තරංගයන් කිලෝමීටර ගණනාවක් ඇතට පැතිර ගොස් තිබෙනවා. තවද මෙම පිපුරුම අංශක 2.3ක සුළු භුකම්පනයක් ලෙස වාර්තා වී තිබෙනවා.
මෙහිදී මෙම පිපිරුමට ප්‍රධානතම හේතුව වශයෙන් සදහන් වන්නේ ඉතාවිශාල තොගලෙස නිතියානුකුල සිමාවන් ඉක්මවායමින් රසායනික ද්‍රව්‍ය ගබඩා කරතිබිමයි. එහිදී සෝඩියම් සයනයිඩ්, කැල්සියම් කාබයිඩ්, ඇමෝනියම් නයිට්‍රටේ ටොන් 800ක් හා පොටසියම් නයිට්‍රටේ ටොන් 500 තිබී ඇතිබව සඳහන් වනවා. මිට අමතරව අනෙකුත් රසායනික ද්‍රව්‍යද සමග ටොන් 3000ක රසායනික ද්‍රව්‍ය ගබඩාකොට තිබෙනවා. ගබඩාවේ ඇතිවූ සුළු ගින්නක් නිවා දැමීමට යාමේදී පළුදුව තිබු කැල්සියම් කාබයිඩ් බහලුම් මතට ජලය වැටීම නිසා සැදුනු ඇසිටලින් වායුව පිපිරීයාම මගින් මිට පෙරද කර්මාන්ත ශාලා පිපිරුම් බොහොමයකට වගකිය යුතු ඇමෝනියම් නයිට්රටේද පිපිරුමට (detonate) ලක්වන්නට ඇතිබව දැනට විශ්වාසයයි.
මෙම පිපිරීමෙන් පසුව පරිසරයට දැඩි බලපෑමක් ඇතිවන්නේ එම ස්ථානයේ තිබු සෝඩියම් සයනයිඩ් ටොන් 700ක ප්‍රමාණය පරිසරයට එක්වීම තුලිනි තවද නිත්‍යානුකුලව තබාගත හැකි ප්‍රමාණය මෙන් 70 ගුණයක් ගබඩා කර තිබු බවට වාර්තා වනවා. දෙවන ලෝක යුද්ධයේදී හා පසුගිය ඊලාම් යුද්ධයේදී සියදිවි හානිකර ගැනීමට සැදු සයනයිඩ් කරල් සැදීම සඳහා යොදාගන්නා ලද්දේ පොටසියම් සයනයිඩ් වන අතර සෝඩියම් සයනයිඩ් හා පොටසියම් සයනයිඩ් බොහෝ අතින් එකසමාන සංයෝගයන් දෙකක් වේ. අකාබනික සංයෝගයක්වන මෙය තේ හැන්දකින් 5% ප්‍රමාණයක් ශරීරගතවීම මරණිය වන අතර විෂ වායුවක් වන HCN ඉතා පහසුවෙන් මෙම සංයෝගය තුලින් සැදිය හැක.
මෙතරම් සෝඩියම් සයනයිඩ් ප්‍රමාණයක් එක සමාගමක් විසින් තබාගෙන තිබීමට හේතුව ලෙස සදහන් කරන්නේ රත්රන් නිස්සාරණය කිරීම සඳහා බවයි. ලොව පුරා රත්රන් ලෝහය කුඩා කැබලි ලෙස හමුහමුවුවත් වැඩිවන රත්රන් ඉල්ලුවම හමුවේ ඔව්න් පාෂාණ වල ඇති 0.005% තරම් වන කුඩා ප්රමනයන්ද නිස්සාරණය කිරීමට සෝඩියම් නයිට්‍රටේ යොදාගෙන ඇත.
දැනට පවතින සෝඩියම් සයනයිඩ් පරිසරයට එක්වීම අවම කිරීම සඳහා බලධාරීන් විසින් එය මතට හයිඩ්රජන් පෙරෝක්සිඩ් ඉසීම සිදු කරනු ලබන අතර ඉන්පසුව ඉවතලන ජලය සෝඩියම් හයිපොක්ලෝර්ට් යෙදීම මගින් සයනයිඩ් අනු ඉවත්කිරීම සිදුකරනු ලබනවා. මෙමගින් විසිරි තිබෙන සෝඩියම් සයනයිඩ් මගින් වන බලපෑම අවම කිරීමට කටයුතු කරන අතරම පිපිරුම් කේන්ද්‍රයේ සිට කිලෝමීටර 2ක සිමාව තුල මිනිසුන් ඉවත්කර තිබෙනවා. කෙසේ වෙතත් මිලියන ගණනක ජනගහනයක් වෙසෙන ටියාන්ජින් නගරය නැවත යථාතත්වයට පත්වීමට යම් කාලයක් ගතවනු ඇති අතර දැන් නගරවැසියන්ගේ විරෝධතාවයන් මත බලධාරීන් මිට වඩා වගකීමෙන් යුතුව හා මනා ආරක්ෂක වැඩපිළිවෙලක් සහිතව කටයුතු කරනු ඇතිබවට විශවාස කරනවා.
එම පිපිරුමේ දර්ශණපෙළක් පහතින්…