නීති විරෝදී ඇත්දළ ජාවාරම් කොටුකරගැනීම

අලි ඇතුන් ස්වභාවික පරිසරයකට එක් කරන්නේ අපුරුම සුන්දරත්වයක් නමුත් ඇතුන්ගේ දළ ලබාගැනීම සඳහා ඔවුන්ව ඉවක් බවක් නොමැතිව මරාදැමීම නිසා ලෝකය පුරා සිටින අලි ඇතුන් සම්පත මුහුණ දී සිටින්නේ බරපතල අර්බුධයකටයි. නීති විරෝදී ලෙස සිදුකෙරෙන මේ ඇත්දළ ජාවාරම නීතියට හසුකරගැනීමට ඉතාමත් අපහසු වන්නේ ඔවුන් කොතැනක සිට කොයි ආකාරයෙන් ක්රියා කරනවාද යන්න දැනගැනීමට ඇති අපහසුව නිසයි. නමුත් අද අපි ඔබට ගෙන එන්නේ තාක්ෂණයේ මහිමයෙන් මේ හොර ජාවාරම් කරුවන් නීතියට හසුකරගැනීමේ උතසහයක් පිළිබඳවයි.
Bryan Christy යනු National Geographic සඟරාවේ රැකියාවේ නියුතු මාද්යවේදියෙක් ඔහු පසුගිය කාලයක් පුරා ඔහු නීති විරෝදී ලෙස සිදුකෙරෙන ඇත්දළ ජාවාරම් වල සුල මුල සොයාගැනීමට ඉතා වෙහසක් දරනවා. මෙලෙස නීති විරෝදී ඇත්දළ ජාවාරමේ යෙදී සිටින ජාවාරම් කරුවන් අල්ලා ගැනීම සඳහා Bryan යොදාගෙන තියෙන්නේ අලුත්ම උපායක්. මේ සඳහා ඔහු විසින් කෘත්රිම ඇත්දළ තොගයක් නිපදවාගෙන තිබෙනවා. මේ කෘතීම ඇත්දළ වල විශේෂත්වය වන්නේ මේවා තුල කුඩා GPS පරිපථයක් අඩංගු වීමයි. මේ GPS පරිපථය නිරන්තරයෙන් එය පවතින ස්ථානය පිළිබඳව දත්ත නිකුත් කරනවා. මේ කෘතීම ඇත්දළ වලින් නිකුත් වෙන සංඥා හසුකර ගැනීම තුලින් නීති විරෝදී ඇත්දළ ගනුදෙනු සිදුවන ස්ථාන මෙන්ම ඒවා ප්රවාහනය වන මාර්ග පවා අඳුනා ගත හැකි බව Bryan ගේ විස්වාසයයි.
නීති විරෝදී ඇත්දළ ජාවාරම අප්රිකානු අලින්ට එල්ල කරන්නේ ඉතා විශාල තර්ජනයක් වසරකට අප්රිකානු අලින් 33,000 ක ප්රමාණයක් ඇත්දළ ලබාගැනීම සඳහා මරා දැමෙන බවට වාර්තා වී තිබෙනවා. පවතින අලින්ගේ වර්දනයේ බාල වීමත් සමගම මෙපමණ අලින් ප්රමාණයක් වසරකට මරණයට පත්වුවහොත් වනාන්තර වල සිටින අලින් තවත් වසර 50 ක කාලයකදී පමණ සම්පුර්ණයෙන්ම වඳවී යනු ඇතිබවට ගණන් බලා තිබෙනවා.
Cristy ගේ අලුත් අදහස අනුව ඔහුට මේ නීති විරෝදී ඇත්දළ ප්රවාහනය වන මාර්ග කිහිපයක්ම අඳුනාගැනීමට හැකිව තිබෙනවා. Cristy ගේ දත්ත අනුව මේ නීතිවිරෝදී ඇත්දළ ජාවාරම හා සෘජුව සම්බන්දව තිබෙන්නේ කලාපයේ ක්රියාත්මක වන ත්රස්තවාදී කණ්ඩායම්. ඔහුගේ දත්ත අනුව මේ කෘතීම ඇත්දළ ලෝකයේ විවිද දිශාවලට ගමන් කොට තිබෙනවා. කෙසේ නමුත් මේ ඇත්දළ ප්රවාහන මාර්ග පිටුපස ගමන්කිරීම ඉතා අනතුරු දායක බවද Cristy පවසා සිටිනවා මන්ද මේවා ගමන්ගන්නේ ලෝකයේ බිහිසුනුම ත්රස්තවාදී කණ්ඩායම් විසින් පාලනය කෙරෙන ප්රදේශ තුලින්.
කෙසේ වෙතත් Cristy ගේ මේ දත්ත මේ නීති විරෝදී ඇත්දළ ජාවාරමට විරුද්දව සටන්වදින ආයතන වලට ඉතා ප්රයෝජනවත් වනු ඇති