සුර්ය බලයෙන් පමණක් ක්‍රියාකරන මෝටර් රථය

සම්පුර්ණයෙන්ම සුර්ය බලයෙන් ක්‍රියාකරන මෝටර් රථයක් නිපදවීමට ඇති හැකියාව මෝටර් රථ නිෂ්පාදන ක්ෂේශ්ත්‍රයේ බොහෝ අවධානයට ලක්වී තිබෙන කාරණයක්. බොහෝ පිරිස් මේ ක්‍රියාව සඳහා උත්සාහ දරා තිබෙනවා. මේ පිළිබඳව තිබෙන නවතම උත්සාහය අපට වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ආරම්භ වූ අලුත්ම සමාගමක් මගින්.
EVX Ventures නමැති මෙම සමගම විසින් නිපදවීමට අදහස් කොට ඇති මේ අලුත්ම මෝටර් රථය නම්කොට තිබෙන්නේ “The Immortus,” යන නමින්. මෙය සම්පුර්ණයෙන් සුර්ය බලයෙන් ක්‍රියාකරන මෝටර් රථයක්. මෙහි එකවර මගින් දෙදෙනෙකුට ගමන්කිරීමේ හැකියාව තිබෙනවා. ඔවුන් මේ වසර අවසානයේදී මෙහි ආකෘතියක් එළිදැක්වීමට අදහස් කරගෙන සිටින බව වාර්තා වෙනනවා. මෙමෙ මෝටර් රථයේ වහලකොටස සම්පුර්ණයෙන්ම ආවරණය වී තිබෙන්නේ සුර්ය ශක්තිය කාර්යක්ෂමව අවශෝෂණය කරගත හැකි සුර්ය පැනල පදතියකින්. එය වර්ග මීටර් 8 ක වර්ග ප්‍රමාණයකින් යුක්ත වෙනවා
මෙහි සුර්ය ශක්තිය ගබඩාකිරීමට භාවිත කොට තිබෙන්නේ lithium බැටරියක්. මේ බැටරියට 10 kilowatt-hours පමණ ධාරිතාවක් තිබෙනවා. මෙම මෝටර් රථයේ බර 500 kg පමණ වනු ඇති ඔවුන් ගණන් බලා තිබෙනවා. ගමන් ගන්නා මගින් ගේ බර සමග මෙහි උපරිම බර 700 kg පමණ වනු ඇති ඔවුන් ගණන් බලා තිබෙනවා.
සුර්ය පැනල සහ බැටරියෙන් ලැබෙන සම්පුර්ණ බලශක්තියේ එකතුවෙන් මම මෝටර් රථයට පැයට කිලෝමීටර් 160 ක පමණ වේගයකුත් සුර්ය පැනල වල බලයෙන් පමණක් මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර් 80 ක පමණ වේගයකට ලඟා වියහැකි බවට ගණන් බලා තිබෙනවා