iCooler ශ්‍රී ලාංකීය නිර්මාණයක් ලොව දෙවන තැනට.
බ්‍රිතාන්‍ය ඉංජිනේරු ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරගයක් වන IET Global Challenge 2015 නිමාවට පත්වුණා. එය ලොව පුරා විසිරි සිටින ඉංජිනේරු සිසුන් සඳහා සහභාගී විය හැකි තරගයක් වන අතර මෙවර එය අපට විශේෂ වන්නේ ශ්‍රී ලංකික සිසුන් පිරිසක් එම තරගාවලියේ දෙවන තැන ලබාගැනීමයි.තනුර මාලිංග, නජාජ් අක්රම් සහ නිර්මාණි රංචාගොඩ යන මෙම සිසුන් දෙදෙනා හා සිසුවිය රුහුණු විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබයි.මෙවර මෙම තරගාවලිය සඳහා රටවල් 157කින් නිර්මාණයන් 250 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත්වී තිබු අතර එම නිර්මාණයන් අතුරින් ලංකාවෙන් ඉදිරිපත්කරන ලද නවීකරණය කරන ලද cooling pad එක දෙවන තැනට පැමිණීමට සමත්වුණා.
සාමාන්‍ය කාර්යාලීය කටයුතු සඳහා පමණක් යොදාගන්න ලැප්ටොප් කිසිදිනෙක අධික ලෙස රත්වීමටපත් නොවුවද අධික ලෙස ram එක හා possessor එය යොදාගැනෙන Engineering software, පරිඝණක ක්‍රීඩාවන්, වීඩියෝ සැකසුම් කටයුතු වල දීමේදී ලැප් ටොප් එක රත්වීම අනිවාර්යෙන් සිදුවන්නක්. මේ පිළිබඳව තම අවධානය යොමුකර මෙම සිසුන් තිදෙනා මෙම නවතම iCooler එක හදුන්වාදී තිබෙනවා. laptop එකේ රත්වීම අනුව ක්‍රියාත්මක වන මෙම නව iCooler එක සාමාන්‍ය cooling pad එකකට වඩා වෙනස්. සාමාන්‍ය cooling pad එකක් මගින් කිසිවිටක වාතයේ ඇති දුහුවිලි හා ජලවාෂ්ප ඉවත්කිරීම සිදු නොකරන අතර නමුත් මෙම නව iCooler cooling pad එක දුහුවිල්ලෙන් හා ජලවෂපයෙන් තොර වූ වාතය මගින් laptop එක සිසිල් කිරීම සිදු කරනු ලබනවා.