ලොව වේගවත්ම ASUS wifi router එක
එකපාර දැක්කම මේ මොකක්ද මේ කියල හිතෙනවා නේද? මේක තමයි ලොව වේගවත්ම ASUS wifi router එක. ගැජමැටික් කෑලි වලට කැමති අයටනම් මේක ඉතාමත් ලස්සන නිර්මාණයක් වගේ පෙනෙන බවට සැකයක් නම් නෑ. මේකේ හැඩ වගේම වැඩත් සැහෙන්න හොද මට්ටමක තියෙන නිසා තමයි මේක ලෝකයේ දැනට තිබෙන වේගවත්ම router එක බවට පත්වුණේ.

Asus සමගම මෙය RT-AC5300 ලෙස නම් කර ඇති අතර 4k වීඩියෝවක් lag එකකින් තොරව stream කිරීම, පරිඝණක ක්රීඩා කටයුතු හා smart home පද්ධතියක් සමග වැඩකිරීම එකවිට මෙම router එකට කළමනාකරණය කරීමට හැකියාව ඇත. Asus සමාගමට අනුව 2.4GHz සංක්යතය මගින් 1Gbps දක්වා වූ වේගයක්ද ද්විත්ව 5GHz සංක්යතයක් යටතේ 2.167 Gbps වේගයක්ද ලබාදේ. මෙහි launch කරන දිනය තවම රහසක් වන අතර මෙහි මිල ඇමෙරිකානු ඩොලර් $499 පමණ වනු ඇතිබවට වාර්තා පලවිතිබේ.