ඔබේ Facebook ගිණුම ආරක්ෂා කරගන්න
සමාජ ජාල වෙබ් අඩවි අද බොහෝ දෙනා අතර ජනප්‍රියයි. Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ අතරින් විශේෂයි. බොහෝ දෙනෙක් අද Facebook සමාජ ජලය සමග සම්බන්ද වී සිටිනවා. මෙවන් සමාජ ජාල භාවිත කිරීමේදී ඔබේ සමාජ ජාල ගිණුම වෙනත් අයගේ අතට පත්වීම වලක්වා ගැනීම අතිශය වැදගත් වෙනවා. නිවැරදි ලෙස භාවිත නොකිරීම නිසා ඔබේ සමාජ ජාල වෙබ් අඩවි ගිණුම වෙනත් අයකුගේ අතට පත්වන්නට පුළුවන්. එය ඔබට බොහෝ අහිතකර ලෙස බලපාන්න පලුවන්. වර්තමානයේදී මේ සමාජ වෙබ් අඩවි ඔබගේ ගිණුම ආරක්ෂා කරගැනීම සඳහා විවිද ක්‍රම සපයාදී තිබෙනවා. අද අපි අවධානය යොමු කරන්නට බලාපොරොතු වෙන්නේ Facebook ගිණුමක් ආරක්ෂාකාරීව භාවිත කරන්නේ කෙලෙසද යන්න පිළිබඳවයි.
ශක්තිමත් password එකක් භාවිත කරන්න
බොහෝ දෙනා සාමාන්‍යයෙන් මතක තබාගැනීමට පහසු සරල password එකක් භාවිත කිරීමට පුරුදුව තිබෙනවා. නමුත් එය එතරම් සුදුසු ක්‍රියාවක් නොවෙයි. ඔබේ නම උපන්දිනය වැනි දේවල් ඔබගේ password එක ලෙස භාවිත කිරීමෙන් වැළකිය යුතුයි. මෙවන් password වෙනත් කෙනෙකුට අනුමාන කරන්න පුළුවන්. මිට අමතරව මෙනත් websites එකක් සඳහා භාවිත කල password එකක් නැවත භාවිත කරන්න එපා. ශක්තිමත් භාවයෙන් යුතු password එකක් generate කරගන්න පුළුවන් websites බොහොමයක් තිබෙනවා. මේවා භාවිත කිරීමෙන් ඔබට අවශ්‍ය ආකාරයේ ශක්තිමත් password එකක් generate කරගැනීමට පුළුවන්. මෙවන් password එකක් වෙනත් කෙනෙකුට අනුමාන කරන්න හැකියාවක් නැහැ. දැන් ඔබට තිබෙන password එක එතරම් සවිමත් එකක් නොවේ නම් අලුත් password එකක් generate කරගන්න ඉන්පසුව පහත දැක්වෙන පරිදි ඔබගේ password එක වෙනස් කරගන්න.
Account Settings > General > Password.
ඔබේ දුරකථන අංකය ගිණුමට අන්තර්ගත කොට තබන්න.
ඔබගේ ජංගම දුරකථන අංකය Facebook ගිණුමට ඇතුල් කොට තිබෙන අවස්ථාවක යම් හෙයකින් ඔබගේ password එක නැතිවුනොත් නව password එකක් ඔබගේ ජංගම දුරකතනයට message මාර්ගයෙන් ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ඔබගේ ගිණුමට දුරකථන අංකය ඇතුල් කොට confirm කිරීමට පහත පිළිවෙල අනුගමනය කරන්න.
පළමුව Account Settings > Mobile ටැබ් එක වෙත පිවිසෙන්න දැන් Add a Phone බොත්තම මත click කරන්න
මීළඟට ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් ඔබට ඔබගේ ජංගම දුරකථන අංකය අතුල්කොට එය සක්‍රිය කිරීමට පුළුවන්. ඉන්පසුව ඔබගේ ජංගම දුරකතනයට security code එකක් ලැබෙනු ඇති. එය ඇතුලත් කොට තහවුරු කිරීමෙන් ඔබට ඔබගේ ජංගම දුරකථනය Facebook ගිණුම සමග සම්බන්ධ කරගැනීමට පුළුවන්.
Login Approvals ඇක්ටිවේට් කරගන්න
Login Approvals යනු Facebook වෙබ් අඩවිය මගින් ඔබගේ ගිණුම ආරක්ෂා කරගැනීමට ලබාදී ඇති තවත් එක් ආරක්ෂක උපාංගයක්. මෙහිදී ඔබ ඔබේ ගිණුමට login වෙන සැම අවස්ථාවකම ඔබගේ ජංගම දුරකතනයට security code එකක් යැවෙනු ඇති. එම code එක නොමැතිව ඔබගේ ගිණුමට login වීම කල නොහැකියි. Login Approvals activate කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න
ප්‍රථමයෙන් Account Settings > Security වෙත පිවිසෙන්න ඉන් පසුව Login Approvals නමැති තීරුවේ ඇති Edit යන ලින්ක් එක මත click කරන්න ඉන්පසුව ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරන්න
භාවිතයෙන් පසුව Logout වෙන්න.
ඔබ පොදු පරිගණකයක් භාවිත කරන්නේ නම් හෝ. ඔබගේ පරිගණකය වෙනත් කෙනෙක් සමග හුවමාරු කරගන්නේ නම් ඔබ භාවිත කොට අවසන් වූ පසුව ඔබගේ ගිණුමෙන් logout වීමට අමතක නොකරන්න. බොහොමයක් දෙනා login වීමට ඇති පහසුව නිසා logout නොවී සිටීමට පෙළඹී සිටිනවා නමුත් මෙය එතරම් හොඳ ක්‍රියාවක් නොවෙයි. ඔබගේ පරිගණකය වෙනත් කෙනෙක් අතට පත්වුවහොත් ඔබගේ ගිණුමේ සියලුම අයිතිය එම පුද්ගලයට ලැබෙනවා.
මේ ඔබට ගෙන අවේ ඔබගේ Facebook ගිණුම ආරක්ෂාකර තබාගැනීමට ඇති පියවර කිහිපයක් පමණයි. මේ සඳහා ඔබට අනුගමනය කල හැකි නොයෙකුත් ක්‍රියාමාර්ග තිබෙනවා ඒවා ගැනත් ඉදිරිය්දී ඔබට විස්තර ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා.