අලුත්ම 2016 Bugatti මෝටර් රථය
Bugatti යන වචනය ඇසුණු සැනින් සිතට නැගෙනුයේ ලොව වේගවත්ම මෝටර් රථයයි. ඔව් 2010 සිට මේ දක්වාම ලොව වේගවත්ම මෝටර් රථය ලෙස (fastest production car) පවතින්නේ Bugatti Veyron Super Sport රථයයි. එය පැයට කිලෝමීටර 431 ක වේගයෙන් ධාවනය කොට පිහිටවූ වාර්තාව වසර 5ක් මුළුල්ලේම කිසිවෙකුටත් බිඳහෙලීමට හැකියාව ලැබුනේ නෑ. එවැනි ඉතාමත් ඉහල තාක්ෂණයකින්යුත් මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගමක් වන ඔව්න් පසුගුය දිනක ඔව්න්ගේ නවතම Gran Turismo virtual concept car එක එළිදක්වනු ලැබුවා.
මෙම concept මෝටර් රථයේ අනුරුවක් ඔව්න් මෙම මස 17 Frankfurt Motor Show එකේදී එළිදැක්වීමට නියමිතව පවතිනවා. මෙම මෝටර් රථය එහි W16 එන්ජිම මගින් අශ්වබල 1480කට වැඩි බලයක් නිපදවන අතර එය තම උපරිම වේගය පැයට කිලෝමීටර 400 කට වැඩ වැඩිවනු ඇතිබව ඉංජිනේරුවන්ගේ විශ්වාසයයි. ඒ අතර ඔව්න් මෙම වසරේ වෙළඳපලට හදුන්ව දීමට නියමිත Chiron මෝටර් රථය Bugatti Veyron රථයට වඩා සාර්ථක වනු ඇතිබවද පවසනවා.
.