ඔබේ Smart phone එකට වැඩි Battery Life එකක්

Smart phone එක යනු අද අපිට නැතිවම බැරි උපාංගයක් වෙලා. නමුත් Smart phone භාවිත කරන බොහෝ දෙනෙක් මුහුණ දෙන ගැටළුවක් වන්නේ ඒවායේ battery වල පවතින අඩු ආයුකාලයයි. බොහෝ විට දිනකට වතාවක් හෝ දෙවතාවක් Smart phone එක charge කිරීමට අපට සිදුවෙනවා. නමුත් පරීක්ෂකයන් පිරිසක් විසින් මේ ගැටලුවට සාර්ථක විසඳුමක් සොයාගෙන තිබෙනවා. අද අපි ඔබට විස්තර ගෙන එන්නේ ඒ පිළිබඳවයි.
මේ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ Purdue University එක Intel සහ Mobile Enerlytics යන ආයතන වල සහයෝගිතාවයෙන්. මේ පරීක්ෂණය සඳහා Samsung s3 සහ s4 දුරකථන 20000 ක් පමණ යොදාගෙන ඇති අතර මේ සඳහා රටවල් 64 ක ජංගම දුරකථන ජාල සපයන්නන් 191 දෙනෙක් සම්බන්දවි තිබෙනවා. මේ ව්‍යාපෘතිය නම්කොට තිබෙන්නේ HUSH යන නමින්.
දැනට HUSH නිපදවා තිබෙන්නේ Android සමග ක්‍රියාකිරීමට පමණයි. එය වෙනම App එකක් විදියට නිපදවා නැහැ. එය දැනට පවතින්නේ Android OS තුල ක්‍රියා කළහැකි program එකක් ලෙස පමණයි. නමුත් එහි නිරමපකයන් ළඟදීම එය App එකක් ලෙස එළිදැක්වීමට අදහස් කරගෙන සිටිනවා. ඔවුන්ට අනුව මේ program එක මගින් Smart phone එකක battery life එක 15% පමණ ඉහල දැමීමට පුළුවන් කමක් තිබෙනවා.
සාමාන්‍යයෙන් Smart phone එකක screen එක අක්‍රියව තිබෙන විටත් බොහොමයක් Apps ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒවා නිසා ජංගම දුරකතනයේ battery එකෙහි ආයු කාලය ඉතා ඉකමනින් ම අවසන් වෙනවා HUSH විසින් සිදුකෙරෙන්නේ එවන් අනවශ්‍ය Apps ක්‍රියාත්මක වීම වැලැක්වීම මගින් battery life එක ඉහල අගයකට ගෙන ඒමයි.
පරීක්ෂකයන්ගේ අවසාන බලාපොරොත්තුව වන්නේ HUSH භාවිතයට ගනිමින් Smart phone වල battery life එක 50% කින් ඉහල දැමීමයි.