අභ්‍යවකාශයෙ සිටින පියාට දියණිය යැවූ අපුරු ලියමන.(Steph loves you)
ලියුමක් අභ්‍යවකාශයට යැවීම ඇත්තටම සිදුකිරීමට අපහසු දෙයක්. එබැවින් තමා විසින් ලියු දෙයක් තම පියාට යැවීමට හැකිනම් සිතු දියණියක් අයගේ එම සිහිනය සැබැකරගත්තා. ඇමෙරිකාවේ Texas ප්‍රාන්තයේ වෙසෙන Stephanie වයස අව්රුදු 13ක දැරියක්වන අතර අයගේ පිය අජටාකාශගාමියෙක්. වසරෙන් වැඩි කාලයක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගතකරන ඔහුට දුරකතනයෙන් ඇමතීමට හැකියාව තිබුනද ඇය ඔහු නොමැතිව කෙතරම් පාලුවෙන් සිටිනවාද යන්න අකුරින් ලිවීමට සිතුවා. අයගේ පියාගේ විනෝදාංශය ඡායාරූප ගැනීම වන අතර ඇය ඔහුට ඡායාරූපයගැනීමට හැකිවන පරිදි විශාල ලියමනක් ලිවිම ඇයගේ අදහසවුවා.
ඇයට මේ සඳහා අවශ්‍ය උපකාර කිරීමට Hyundai සමාගම ඉදිරිපත්වුණා. කෙසේවෙතත් අවසානයේ මෙම විශාල ලියමන ගිනස් ලෝක වාර්තාවක්ද පිහිටුවනු ලැබුවා. ඒ වර්ග මීටර 5,556,411.86 ප්‍රමාණයක ඇඳුනු ලොව විශාලම tire track සිත්තම ලෙසයි. Stephanie විසින් ලියු Steph loves you යන වැකිය ඇයගේ අත් අකුරු එලෙසම ඇඳීමට Hyundai සමාගම සමත්වුණා. මෙහිදී ඔව්න් ඇයගේ ලියමන scan කොට එම රේඛාවන් GPS තාක්ෂනය යොදාගනිමින් කාර් 11ක් මගින් නෙවාඩා ප්‍රාන්තයේ වියලි වැව් පතුලක සිත්තම් කරා. ඉන්පසුව අන්තර්ජාතික අභ්‍යවකාශ යානාව එම ස්ථානය ඉහලින් ගමන් කරමින් තිබියදී අයගේ පිය විසින් එය තම කැමරාවේ සටහන් කරගනිමින් තමන් පණිවිඩය ලද බව සතුටින් ප්‍රකාශකර සිටියා.