හිට්ලර්ගේ රහසිගත ආයුධ !!!
යුද්ධයක් කියන්නේ අප කිසිවිටකත් අනුමත කරන දෙයක් නොවුවත් පළවන හා දෙවන ලෝක යුද්ධයන් මගින් ලොව තුල භාවිතවුණු තාක්ෂනයන් ඉතාමත් වේගයෙන් දියුණු වුනු බව නොරහසක්. උදාහරණ ලෙස යාන්ත්‍රික තාක්ෂනනය, සන්නිවේදන තාක්ෂනය හා වෛද්‍ය විද්‍යාව ඉදිරිපත් කල හැක. මුලින් මෙම සියලුම තාක්ෂනයන් මිනිසුන් ඝාතනය කිරීමට යොදගතතද ඉන්පසු ලෝක සාමය ස්ථාපිතවීමෙන් පසු ඒවා මිනිසාට වාසිදායක ලෙස යොදාගනු ලැබුවා. අද අප ඔබට ගෙන ඒමට සුදානම් වන්නේ හිට්ලර්ගේ ජර්මානු හමුදා විසින් භාවිතාකරන ලද නමුත් ලොව තුල එතරම් කතා බහට ලක්නොවූ එම කාලයට සාපේක්ෂව ඉදිරියෙන් තිබු අවි යුධ කිහිපයක් පිළිබඳවයි.
- මෙය දුරස්ථ පාලකයක් මගින් පාලනය කරන ලද බෝම්බයකි
- පැයට සැතපුම් 6ක වේගයකින් පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් රැගෙන ගමන් කිරීමේ හැකියාවක් තිබිණි.
- ප්‍රධාන වශයෙන් යුධ ටැංකි හා බංකර විනාශකිරීමට යොදාගන්නා ලදී.
- මෙය තුල ඊටම සවිකරන ලද එන්ජිමක් තිබුණු අතර පාලනය කිරීමට අඩි 2000 දිගින් යුතු වයරයක් අමුනා තිබිණි.
- ශබ්දය හා වයරය නිසා භාවිතය තරමක් අපහසුවූ බව පැවසෙන අතර සතුරා වයරය කපදෑමිමෙන් සියල්ලම අඩපන විය. එබැවින් එතරම් හොද නිර්මාණයක් නොවිය.
The Fritz X
- මෙය ලොව මුලින්ම භාවිතා කරන ලද radio-guided බෝම්බය ලෙස හැදින්වේ.
- අඩි 22000 උසකින් නිදහස් කරන ලද මෙය ඉතාමත් හොදින් ඉලක්ක ලබාගැනීමේ හැකියාවක් සහිත විය.
- 1943 මෙය launch කිරීමෙන් පසුව මුහුදේ තිබු ඇමෙරිකානු නැව් කිහිපයක්ම ගිල්වදමිමට සමත්විය.
- දැනට භාවිතාවන smart bomb වල ආදිතමයා ලෙස සැලකේ.
The Horten Ho 229
- ලොව ප්‍රථම රේඩාර් වලට හසුනොවන ගුවන් යානාව විය.
- ජෙට් එන්ජින් දෙකකින් සමන්විත විය.
- පැයට සැතපුම් 600ක (965kmph) වේගයෙන් අඩි 49000ක් ඉහලින් පියාසර කරන ලදී.
- 1944දි නිෂ්පාදනවූ අතර යුද්ධයේදී භාවිතයට නොගැනිණි.
The Panzer VIII Maus
- ලොව මෙතෙක් සාදන ලද බරින් හා විශාලත්වයෙන් වැදීම යුද්ධ ටැංකිය විය.
- බරින් එය ටොන් 188 විය
- එහි අධික බර නිසා උපරිම වේගය පැයට කිලෝමීටර 13කට සිමා විතිබිණි.
- මෙහි විශාලත්වය නිසාම සැදීම වියදම් අධිකවුනිසා යුධ ටැංකි දෙකක් පමණක් සාදන ලද අතර ඒ දෙකම රුසියානු හමුදා විසින් අල්ලාගන්න ලදී.
The Schwerer Gustav
- ලොව මෙතෙක් නිර්මාණය වූ විශාලතම කාලතුවක්කුව මෙය වේ.
- බරින් ටොන් 1350 විය
- සාමාන්‍ය මිනිසෙකු මෙන් දෙගුණයක් උසින් යුතු කල තුවක්කු උණ්ඩ බාවිතා විය.
- ටොන් 7ක් බරින් යුතු උණ්ඩය කිලෝමීටර 46ක් දුරින් වූ ඉලක්කයන් වෙත යැවීමට සමත්විය.
- මෙය ගමන් කරවීම සඳහා වෙනම දුම්රිය මාර්ගයන් සැදීමට සිදුවූ අතර එක් කාලතුවක්කුවක් පමණක් නිපදවන ලදී.