ලෝකයේ වේගවත්ම ගුවන්යානා 10
Airbus A320 හෝ Boeing 777 වැනි ජෙට් ගුවන්යානා වලට පැයට කිලෝමීටර් 900 පමණ වන උපරිම වේගයකින් පියාසර කිරීමට පුළුවන්. මෙය සාමාන්‍යයෙන් අපි ගොඩබිමදී දකින වේගයන්ට සාපේක්ෂව ඉතා ඉහල වේගයක්. මෙතරම් වේගයෙන් ගමන් ගන්න යානා වලට පැය කිහිපයක් ඇතුලත රටවල් කිහිපයක් පසුකිරීමට පමණක් නොව සමහර අවස්ථාවලදී මහද්වීප පසුකර යාමට පවා පුළුවන්. නමුත් යුද ක්‍රියාමාර්ග වලට භාවිත වන ගුවන් යානයකට නම් මේ වේගය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊට ප්‍රධානම හේතුව වන්නේ එවන් ක්‍රියාමාර්ග වලදී වේගය ඉතා වැදගත් සාධකයක් වන නිසාවෙනි. උදාහරණයක් ලෙස ප්‍රහාරක යානාවක් නම් හැකි ඉක්මනින් ඉලක්කය කරා ළඟාවී ප්‍රහාරය එල්ල කර නැවත පැමිණීමේ හැකියාවක් එම යානය සතුව පැවතිය යුතුයි. එය ඔත්තු බැලීමේ යානාවක් නම් සතුරන්ට අසුවීමට පෙර ඉක්මනින් ගමන් කොට අදාල තොරතුරු රැගෙන නැවත පැමිණිය යුතුයි. මේ සඳහා භාවිත වන යානා වල වේගය මාර්ක් 2 ක්(Mach 2 – ශබ්දයේ වේගය මෙන් දෙගුණයක්) පමණ වෙනවා
මෙවන් supersonic ජෙට් යානා නිපදවනු ලබන්නේ යුධ කටයුතු සහ සුවිශේෂී පරීක්ෂණ කටයුතු සඳහා පමණයි. සාමාන්‍යයෙන් මගී ප්‍රවාහනය සඳහා මෙවන් යානාවන් භාවිත කරනු ලබන්නේ නැහැ. මගී ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරන ලද එකම supper sonic යානය වන්නේ Concorde නමැති යානයයි මෙම යානය 1976 සිට 2003 දක්වා භාවිතයට ගනු ලැබුවා. මෙම යානයට පැයට කිලෝමීටර් 2200 ක පමණ වේගයක් කරා ලඟා වීමේ හැකියාව තිබුනා.
අද අප ඔබට විස්තර ගෙන එන්නේ ලෝකයී මෙතෙක් කල් නිපදවූ ගුවන් යානා අතුරින් වේගයෙන් වැඩිම යානා 10 පිළිබඳව විස්තරයි.
10 – F-111 Aardvark
F-111 Aardvark යනු ලෝකයේ වැඩිපුරම භාවිතයට ගෙන තිබෙන බෝම්බ හෙලන යානා වලින් එකක්. මෙමෙ යානයේ සතු අධිවේගයෙන් ගමන්කිරීමේ හැකියාව සහ එහි බෝම්බ හෙලීමේ ඇති නිවැරදි තාව නිසා මේ ගුවන්යානා වර්ගය බොහෝ ප්‍රසිද්ධයි. මෙමෙ යානය භාවිතය ගෙන තිබෙන්නේ 1970 සිට 1990 යන කාල වකවානුව තුලයි. මෙමෙ යානයේ උපරිම වේගය ලෙස සටනහ්න්ව තිබෙන්නේ පැයට කිලෝමීටර් 2655ක්
9 – F-15 Eagle
9-F-15 Eagle යානය ප්‍රථම වරට ගුවනට එකතුව තිබෙන්නේ 1972 වර්ෂයේදීයි. මෙම යානයේ උපරිම වේගය ලෙස සටහන් වන්නේ පැයට කිලෝමීටර් 2665 ක වේගයක්. රුසියාවේ නිෂ්පාදිත Su-27 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා කරලියට ඒමට ප්‍රථම මෙමෙ F-15 වර්ගයේ යානා ලෝකයේ තිබෙන හොඳම ප්‍රහාරක ජෙට් යානා ලෙස කිරුළු දරා සිටියා.
8 – Tupolev Tu-144
Concord යානා වලට අමතරව supersonic වර්ගයේ මගී යානාවක් ලෙස හඳුන්වා දිය හැකි වන්නේ මෙමෙ යානා වර්ගයයි. මෙමෙ යානය සෝවියට් සමුහාණ්ඩුවේ නිෂ්පාදනයක්. 1975 සිට 1979 දක්වා වූ කෙටි කාලයක් තුල මේ යානය භාවිතයට ගන්න ලද නමුත් ගමන්ගන්නා මගීන්ගේ ආරක්ෂාව පිළිබඳව මතුවූ ගැටළු නිසා මෙම යානය භාවිතයෙන් ඉවත් කරනු ලැබුවා. මගින් 167 ක් රැගෙන යාමට හැකියාව තිබූ මෙමෙ යානයට පැයට කිලෝමීටර් 2878 ක වේගයක් කරා ළඟාවීමේ හැකියාව තිබුනා.
7 – MIG-31
Mig-31 යානයට පැයට කිලෝමීටර් 3030 ක උපරිම වේගයක් කරා ළඟාවීමේ හැකියාව පවතිනවා. මෙම යානා ප්‍රථම වරට ගුවනට එක්ව තිබෙන්නේ 1975 වසරේදීයි. තවමත් මේවා රුසියාවේ සහ කසකස්ථානයේ ගුවන් හමුදාව තුල භාවිත වෙනවා. මෙමෙ යානයේ තවත් එක සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි ඇති ප්‍රභල රේඩාර් පද්දතියයි. කිලෝමීටර් 400 ක් පමණ අතින් සිටින සතුරු ගුවන් යානයක් හඳුනාගැනීමේ හැකියව මේ රේඩාර් පද්දතිය සතුයි.
6 – XB-70 Valkyrie
XB-70 Valkyrie යනු ඇමරිකවේ නිෂප්දනය කෙරුණු බෝම්බ හෙලන යානාවක prototype එකක්. මෙය නිෂ්පාදනය කෙරුනේ 1964 වර්ෂයේදී එහි උපරිම වේගය ලෙස සටහන්ව තිබෙන්නේ පැයට කිලෝමීටර් 3300 ක වේගයක්. කෙසේ වෙතත් මෙමෙ ව්‍යාපෘතියේ පවතී ගැටළු සහගත තත්වයන් නිසා මෙමෙ ගුවන්යානා වැඩසටහන නවතා දමා තිබෙනවා.
5 – Bell X2
1947 දී ශබ්ධයේ වේගය ඉක්මවා ගමන් කල ප්‍රථම ගුවන් යානය වන X-1 ගුවන්යානයේ පරිණාමයක් ලෙස X-2 ගුවන් යානය හඳුන්වා දිය හැකියි. X-2 යනු මාර්ක් 3 ක පමණ ඉහල වෙගයකදී ගුවන්යානයේ බඳෙහි හැසිරීම අධ්‍යයනය කිරීම සඳහා යොදාගන්නා ලද පරීක්ෂණ යානයක්. 1955 දී එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 3370 ක් වුනා. මෙම ගුවන් යානය මගින් ලබගනුනු දත්ත පසුකාලීනව supersonic ප්‍රහාරක යානා නිෂප්දනය කිරීමට බෙහෙවින් ඉවහල්ව තිබෙනවා.
4 – MIG-25
1964 වසරේදී සෝවියට් සමුහාණ්ඩුව විසින් ප්‍රථම වරට නිෂ්පාදනය කරන ලද මෙම යානයේ උපරිම වේගය ලෙස සටහන් වන්නේ පැයට කිලෝමීටර් 3400 ක වේගයක්. දැනට ගුවන් හමුදාවක භාවිත කරන වේගවත්ම ගුවන් යානය වන්නේද මේ MIG-25 යානයයි. දැනට මෙම යානය Algeria, Azerbaijan සහ Syria ව යන රටවල භාවිත වෙනවා.
3 – YF-12
YF-12 යනු අධිවේගී ප්‍රහාරක යානා නිෂ්පාදනය සඳහා ඇමරිකාව විසින් දියත් කෙරුණු නියමු ව්‍යාපෘතියක්. මෙම යානයට පැයට කිලෝමීටර් 3661 ක වේගයකට ළඟාවීමේ හැකියාව තිබෙනවා. ඉතා ඉහල පිරිවැය සහ වෙනත් කරුණු රාශියක් නිසා මෙම ව්‍යාපෘතිය නවතා දමා තිබෙනවා. කෙසේ වෙතත් මේ ව්‍යාපෘතිය මගින් ලබා ගන්නා ලද දැනුම SR-71 ගුවන් යානය නිපදවීමට ඉවහල් වූ බව පැවසෙනවා
2 – SR-71
SR-71 Blackbird යනු උපායමාර්ගික පිරික්සුම් ගුවන්යානයක් එසේත් නැත්නම් ඔත්තු බලන ගුවන්යනක්. මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 3540 ක් ලෙස වාර්තා වී තිබෙනවා. 1964 දී දියත් කරන ලද මෙම ගුවන් යානය 1999 වසර දක්වා ඇමරිකානු ගුවන් හමුදාවේ භාවිතයට ගෙන තිබෙන අතර ඉන් පසු ඉහල වායුගෝලයේ අධිවේගයෙන් ගමන් කිරීමේදී ඇතිවන තත්වයන් පිළිබඳව පරිෂණ කරීම සඳහා පරීක්ෂණ යානයක් ලෙස NASA ආයතයට ලබාදී තිබෙනවා.
X-15
X-15 යනු අධිවේගී ගුවන් යානා පිළිබඳව පරීක්ෂණ කිරීම සඳහා නිපදවන ලද පරීක්ෂණ යානයක් 1967 වර්ෂයේදී මෙම යානය පැයට කිලෝමීටර් 7273 ක වගයක් සටහන් කොට තිබෙනවා. ඒ අනුව ලෝකයේ මෙතෙක් නිපදවා තිබෙන වේගවත්ම ගුවන් යානය වන්නේ මේ ගුවන් යනයි. මෙමෙ ගුවන්යානය සාමාන්‍ය ගුවන් යානා මෙන් ගොඩබිම සිට ගුවන් ගත කල නොහැකි මෙය B-52 වර්ගයේ බෝම්බ හෙලන යානයකින් ඉහල අහසට රැගෙන ගොස් එහිදී ගුවනට මුදාහැරිය යුතුයු. B-52 යානයෙන් මුදා හැරුණු පසු මෙම යානය තමන්ගේ එන්ජින් ආධාරයෙන් ගමන් ගැනීම ආරම්භ කරනවා. ගුවන් ගමන අවසානයේදී නියමුවාට සාමාන්‍ය යානයක් මෙන් යානය ගොඩබිමට ගෙන ඒමේ හැකියාවක් පවතිනවා.