Light L16 ලෙන්ස් 16යේ කැමරාව
අලුතෙන්ම ඡායාරූපකරණ උපාංග නිර්මාණයට එක්වූ සමාගමක් වන Light සමාගම ඔව්න්ගේ ප්‍රථම කැමරාව වන Light L16 කැමරාව හදුන්වා දුන්නා. මෙම කැමරාව සාමාන්‍ය point and shoot වර්ගයේ කැමරාවක් මෙන් වුවත් එය DSLR කැමරාවකට වුවද අභියෝගකිරීමට සුදානම්. ඒ එහි ඇති කාචයන් 16කින් සමන්විත කාච පද්ධතිය මගිනි. සාමාන්‍ය කැමරාවක එක් කාචයක් හා එක් sensor එකක් පවතිනමුත් මෙහි ලෙන්ස් 16 සඳහා කුඩා ප්‍රමාණයේ ජංගම දුරකතනවල යොදාගන්න ආකාරයේ sensor 16කින්ද සමන්විතයි.
ඡායාරූපයක් ගැනීමේදී මෙම sensor 16ම එකවර ක්‍රියාත්මක වන අතර විවිධ වූ නාභිය දුරවල් (focal length) 16කින් යුතු ඡායාරූප 16ක් ගනු ලබනවා. එන්පසු android os එක භාවිතාවන මෙම කැමරාව මගින් එම ඡායාරූප 16ම එක්කොට mega pixel 52ක ප්‍රමාණයේ ඡායාරූපයක් සදනු ලබනවා. මෙම කැමරාව Light සමාගම “a multi-aperture computational camera,” ලෙස හදුන්වන අතර එහි ඇති අනෙකුත් විශේෂත්වය වන්නේ ඡායාරූපය ගැනීමෙන් පසුව එම ඡායාරූපයෙ නාභිගත වූ පරාසය (depth of field) නාභිගතවූ ස්ථානය (focus) හා අනාවරණය (exposure) එක වෙනස්කිරීමට ඇති හැකියාවයි.
පෙර පැවසු පරිදිම android os එක යොදාගන්න කැමරාව wifi පහසුකමින්ද යුක්තයි. ඒ අනුව ඔබ ලබාගන්නා ඡායාරූපයක් කැමරාව මගින්ම අන්තර්ජාලයට එක්කිරීමට ඔබට පුළුවන්. අඟල් පහක touch screen එකකින් සමන්විත මෙහි 128 GB internal storage එකකින්ද යුක්තයි. ප්‍රධාන ලෙන්ස් 16 අතර optical zoom(4.3x) සහිත 35mm-150mm ප්‍රමාණයේ ලෙන්ස් එකකින්ද සමන්විත වන මෙය දැන් නිෂ්පදනයට සියල්ල සුදානම කර තිබෙනවා. තවත් kickstarter project එකක් වන මෙම කැමරාව pre order සඳහා ඇමෙරිකානු ඩොලර් 1299 කට මිල කර ඇති අතර නිෂ්පාදන කටයුතු ආරම්භයෙන් පසුව ඇමෙරිකානු ඩොලර් 1699 කට මිලකර තිබෙනවා.