ලොව මිලෙන් අධිකම කාර් 10ය
කිසිම දිනක සතුට කියන දේ මිලදීගන්න බැරි බව සත්‍යක්. නමුත් සිහින මැවීම හා එම සිහිනයන් සබැකරගැනීම තමන් සතු කාර්යක්. ඔබ දුප්පත් වී ඉපදීම ඔබගේ වරදක් නොවේ, නමුත් ඔබ දුප්පතෙක් ලෙස මියයාම ඔබගේ වරදක් ලෙස වරෙක බිල් ගෙටෙස් පැවසුවා. අද අප කතා කරන්න සුදානම් වන්නේ මුදල් පසුපස හඹා යන ලෝකයේ ධනවතුන් සඳහා ලොව නිපදවූ මිලෙන් අධිකම මෝටර් රථ 10ය පිළිබඳවයි. මින් එක් මෝටර් රථයක් ශ්‍රි ලාංකිකයෙකු සතුවිමද විශේෂත්වයක්.
මෙම මෝටර් රථ ප්‍රධාන වශයෙන්ම මිලෙන් වැඩි වීමට හේතු වන්නේ ඒවායේ ඇති අධික වේගය හා සැප පහසුවයි. ඊට අමතරව මෙම මෝටර් රථ සඳහා යොදාගන්න අධික මිලෙන් යුතු අමුද්‍රව්‍ය මෙන්ම ඉහල තාක්ෂණයද හේතු වනවා. ඊට අමතරව Brand එකත් හේතුවක්. මෙම රථ වල මිල ඉදිරිපත් වන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන වලින්. පසු ප්‍රයෝජනයට මතක තබාගන්න, දැන් ඇමෙරිකානු ඩොලර් මිලියනයක් කියන්නේ රුපියල් 140,535,000.00 අසන්න වශයෙන් රුපියල් කෝටි 14ක්.
10. Pagani Huayra( $1.6 million)
ඉතාලියෙ නිර්මාණයක් වන මෙම මෝටර් රථය නම් කර ඇත්තේ සුළඟට අධිපති දෙවඟනගේ නමිනි. Mercedes සමාගමේ v12 එන්ජිමක් හා turbo charger දෙකකින් සමන්විත මෙය 0-100 kmph දක්වා ඒමට ගතවන්නේ තත්පර 3ක් පමණි උපරිම වේගය 383 kmph පමණවේ.
9. Koenigsegg Agera R ($1.6 million)
ස්වීඩනයේ නිර්මාණයක් වන මෙම රථය 5.0L v8 twine turbo charge එන්ජිමකින් සමන්විත අතර උපරිම වේගය 418 kmph පමණ වේ.
8. Zenvo ST1 ($1.8 million)
දැනට නිපදව ඇත්තේ මෙයින් මෝටර් රථ 15ක් පමණයි. මුළුමනින්ම අතෙන් නිපදවන (hand made)මෙම මෝටර් රථය 6.8-litre V8 එන්ජිමකින් සමන්විත අතර උපරිම වේගය 375 kmph වේ
7. Aston Martin One-77 ($1.85 million)
බ්‍රිතාන්‍ය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Aston Martin සමාගම මගින් නිපදවන මෙම මෝටර් රථය 0-100 kmph දක්වා ත්වරණයට තත්පර 3.4කින් ගමන් කරන අතර 7.3 liter v12 එන්ජිමකින් සමන්විත වේ. තවද මෙහි උපරිම වේගය 354 kmph වේ
6. Pagani Zonda Cinque Roadster ($1.85 million)
Pagani සමාගම මගින් මිල අධිකම මෝටර් රථ කාණ්ඩයට එක් කර ඇති දෙවන මෝටර් රථය වන මෙය 0-100 kmph දක්වා ත්වරණයට තත්පර 3.4කින් ගමන් කරන අතර උපරිම වේගය 349 kmph අගයක් ගනී. මෙය Mercedes AMG678 CV v12 එන්ජිමකින් සමන්විත වේ.
5. Lamborghini Reventon ($2 million)
තවත් ඉතාලි සමාගමක නිර්මාණයක් වන මෙම මෝටර් රථය 6.5 liter v12 එන්ජිමකින් සමන්විතවේ. 355 kmph වේගයෙන් ගමන්කිරීමේ හැකියාවෙන් යුක්තයි.
4. Bugatti Veyron Super Sports ($2.4 million)
ජර්මනියේ නිර්මාණය කිරීමෙන් පසුව ප්‍රංශයේදී නිපදවනු ලැබූ මෙම මෝටර් රථය දැනට ලොව පවතින පාරේ ගමන්කිරීමට නීතියෙන් හැකියාව පවතින (street legal) වේගවත්ම මෝටර් රථයයි. මෙහි උපරිම වේගය 427.6 kmph වේ. මෙය 8.0 liter W16 එන්ජිමකින් යුක්තවේ
3. Lykan Hypersport ($3.4 million)
වසර 2012දි නිපදවන ලද මෙම මෝටර් රථය අරාබි සමාගමක් වන W motors සමාගම මගින් නිපදවන ලද අතර Furious 7 ෆිල්ම් එකේ මෙම රථය දකින්නට පුළුවන්.Porsche 3.7L Twin-turbo flat6 එන්ජිමකින් සමවිතයි. 385 kmph වේගයකින් යුතු මෙම රථය limited edition එකකි
2. Lamborghini Veneno ($4.5 million)
මෙයද limited edition මෝටර් රථයක් වන අතර Lamborghini සමාගමේ 50 වන සැමරුමට නිපදවන ලදී. මෝටර් රථ පහක් පමණක් නිපදවන ලද අතර ඉන් රථ තුනක් වෙළඳ පොලට එක් කරන ලදී. ඉන් එක් මෝටර් රථයක් ශ්‍රී ලාංකිකයෙකු සතුයි, ඔහු නමින් ඇන්ටනි ඩොමිනික් වන අතර ඔහු ගැන මෙතනින් කියවන්න. මෙම රථය 6.5 L v12 එන්ජිමකින් යුක්තවේ. පැයට කිලෝ මීටර 355 ක වේගයකින් ගමන්කිරීමේ හැකියාව මෙම රථය සතුයි.
1. Maybach Exelero ($8 million)
දැනට ලොව පවතින මිලෙන් අධිකම මෝටර් රථය මෙයයි. Maybach යනු ලොව ප්‍රසිද්ධ අධි සුපෝඛබෝගී මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන අතර ඔව්න් නිපදවූ මෙම රථය අශ්වබල 700කින් සහිත v12 එන්ජිමකින් යුක්තයි. එහි උපරිම වෙගය 350 kmph පමණ වනවා.