Facebook On This Day පැරණි facebook මතකයන් අලුත් කරමු.
සමහර විට ඔබ දැනටමත් Facebook On This Day එක ගැන දන්නවා ඇති. ඔබගේ Facebook ගිණුම ඇතැම්විට වසර 8ක් 10යක් වගේ පරණනම් එහි පැරණි මතකයන් සොයාගන්න එක එතරම් පහසු කටයුත්තක් නොවෙයි. ඔබ එකතුකර ඇති දහස් ගණනක් වූ මතකයන් මගින් එය වැසි ගොස් ඇති එම මතකයන් අලුත්කිරීමට Facebook On This Day හදුන්වා දෙනවා. Facebook On This Day මගින් සිදුකරනුයෙ වසර ගණනවක් පැරණි මතකයන් නැවත ඔබට මතක් කරදෙමින් ඔබට එම මතකයන් නැවත share කිරීමට අවස්ථාව ලබාදීමයි. ඔබගේ Facebook ගිණුම පැරණිනම් මෙම link එකෙන් ඔබට එය සක්රිය කරගන්න පුළුවන් https://www.facebook.com/onthisday
වසර 2013දි මුලින්ම Facebook සමාගම මගින් මෙය පරීක්ෂණ මට්ටමෙන් තබසිටි අතර ඉන්පසු දැන් එය සමාජ ජාලයට එක්කර තිබෙනවා. ඉන්පසු පසුගිය දිනෙක ඔව්න් එය සඳහා ෆිල්ටර් එකක්ද හදුන්වා දුන්නා. අප බොහෝදෙනා අපගේ සතුට මෙන්ම දුකද විටකදී බෙදාහදාගන්න බැවින් අමිහිරි මතකයන් නැවත මතුනොවිමට මෙම ෆිල්ටර් එක යොදාගන්න පුළුවන්.