ලෝකයේ නිහඬ ම ස්ථානය

සමහර අවස්ථාවලදී අපි නිහඬ පරිසරයකට බොහෝ ප්‍රිය කරනවා. නිහඬ පරිසරයක හිඳිමින් ඔබ කැමතිම ගීතයක් රසවිඳීමට තිබේනම් බොහෝ දෙනෙක් එවන් අවස්ථාවන්ට බෙහෙවින් ප්‍රිය කරනවා. නිවසක් ඉදිකිරීමේදී පවා බොහෝ දෙනා සිතන්නේ වට පිට පරිසරයේ පවතින නිහඬතාවය පිළිබඳවයි. අද අප ඔබට විස්තර ගෙන එන්නේ ලෝකයේ පවතින නිහඬ ම ස්ථානය පිළිබඳව විස්තරයි. මෙය ස්වභාවිකව ඇතිවුණු තැනක් නම් නොවෙයි මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද කෘතීම ස්ථානයක්
මෙය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ Washington නුවර Redmond හි පිහිටා තිබෙන Microsoft සමාගමේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුලයි. මෙමෙ ස්ථානය ලෝකයේ නිහඬ ම ස්ථානය ලෙස ගිනස් වාර්තා පොතටත් ඇතුල් වෙලා අවසන්.
කිසියම් ස්ථානයක නිහඬ තාවය මනිනින්නේ එම ස්ථානයේ decibels A-weighted අගය මගිනුයි. Microsoft සමාගමේ මේ නවතම ශබ්දාගාරයේ නිහඬතාවය -20.6 dbA ලෙස සටහන් වී තිබෙනවා. Microsoft ප්‍රධාන පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිලි අංක 87 නමැති ගොඩනැගිල්ලේ මෙවන් නිහඬ ශබ්දාගාර කිහිපයක් පිහිටා තිබෙනවා නමුත් මේ නවතම ශබ්දාගාරය වෙනුවෙන් ඔවුන් වෙනමම ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙනවා. එම ගොඩනැගිල්ලේ පාදම (foundation) එක පිහිටා තිබෙන්නේ ස්ප්‍රින්ග් පද්දතියක් මතයි එමගින් මෙම ශබ්දාගාරයට බාහිරින් ලැබෙන කම්පනයන් අවම කිරීමක් සිදුවෙනවා
Microsoft සමගම විසින් මේ ශබ්දාගාරය නිමවා තිබෙන්නේ ඔවුන්ගේ නිපැයුම් වල audio technology පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමටයි. මිට අමතරව මෙමෙ නව ශබ්දාගාරය Microsoft digital assistant app එක වන Cortana මෘදුකාංගය විවිධ කටහඬ අඳුනාගැනීම සඳහා පුහුණු කිරීමටත් ඔවුන් බලාපොරොත්තු වන බව පවසා තිබුනා.
ලෝකයේ නිහඬ ම ස්ථානය ලෙස මිට පෙර ගිනස් වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ Minneapolis හි පිහිටි Orfield Laboratories නමැති ආයතනයේ පිහිටි ශබ්දාගාරයක් එහි dbA අගය සටහන් ව තිබෙන්නේ -13 ලෙසයි
Microsoft ආයතනයේ මේ නිර්මාණය පිළිබඳව නිවැරදි අවභෝධයක් ලබාගැනීමට අවශ්‍ය නම් ලෝකයේ ලබාගත හැකි උපරිම නිහඬතාවය පිළිබඳව අවභෝදයක් ලබාගත යුතුයි. ලෝකයේ ලබාගත හැකි උපරිම නිහඬතාවය ලෙස සටහන් වන්නේ -23dbA අගයයි. මිට හේතුව නම් වායුගෝලයේ පවතින කුඩා වායු අංශුන් චලනය වීමේදී (Brownian motion) ඇතිවන ශබ්ධය -23dbA පමණ වීමයි. එනම් ඊටත් වඩා පහල නිහඬතාවයකට අපේ ග්‍රහ ලොව තුලදී ලඟා විය නොහැකි. ඒ අනුව Microsoft සමගම මේ ලෝකයේ ලබාගත හැකි ඉහලම නිහඬතාවයට බොහෝ ආසන්නයට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් වායුගෝලයක් රහිත ගැඹුරු අභයවකාශයේදී තවත් ඉහල නිහඬතාවයකට ලඟා විය හැකි වනු ඇති බවට මත පලවී තිබෙනවා