Nissan Leaf Autopilot ?
ලොව පුරා බොහෝ විදුලි මෝටර් රථ සමාගම් තම මෝටර් රථ වලට Autopilot system එකක් ස්ථාපනයට ප්රර්යේෂණ වල නිරත වන බව ප්‍රසිද්ධ රහසක්. ඒ අතුරින් ටෙස්ලා සමාගම තම autopilot system එක පසුගිය දිනෙක පරික්ෂ කර බැලුවා. ඒ කෙසේ වෙතත් අද අපි කතා කරන්නේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Nissan සමාගම තම Leaf මෝටර් රථයට හදුන්වාදීමට බලාපොරොත්තුවන autopilot system එක පිළිබඳවයි.
මිට වසර තුනකට ප්‍රථමව Nissan Leaf Autopilot මෝටර් රථයක් හදුන්වා දුන්නා. නමුත් එම මෝටර් රථයට හැකියාව තිබුනේ ස්වයන්ක්‍රියව රථගාලක් තුල නවතාගැනීමට පමණයි. එයද ඔව්න් වෙළඳපලට ඉදිරිපත්කරේ නෑ. නමුත් මෙම වසරේ ටෝකියෝ මෝටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන ලද Nissan Leaf Autopilot මෝටර් රථය ස්වයන්ක්‍රියව ධාවනයක් සිදුකරා. ඒ පැයට කිලෝමීටර 80ක වේගයක්ද පවත්වාගනිමින්.
මෙම මෝටර් රථය බාහිරින් දත්ත එකතුකරගැනීමට රේඩාර් පද්ධතියක්, ලේසර් පද්ධතියක් හා කැමරා දහයකින්ද සමන්විත වනවා. මෙම සංවේදන උපකරණ පද්ධති තුනෙන් ත්‍රිමාණ අවකාශයේ ඇති දත්ත ලබාගෙන ඒවා අභ්‍යන්තරයේ ඇති පරිඝනකයක් වෙත යොමුකෙරෙනවා. ඉන්පසුව එම දත්තයන්ට අනුව රථය හැසිරවීම සිදුකෙරෙනවා. තවද එහි ඇති කැමරා මගින් මෝටර් රථයේ අංශක 360කම දර්ශන තිරයක් වෙත ලබාදෙනවා.
දැනට මෙම මෝටර් රථය තම වේගය වංගුව අනුව සිමාකිරීමේ සිට නවතා ඇති වාහන පසුකිරීම, පාරකට ඇතුල් කිරීම, පාරකින් පිටවීම මෙන්ම සෙමින් ගමන් කරන වාහන පසුකිරීමටද සමත්. කෙසේ වෙතත් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම මෝටර් රථ වෙළඳපලට එක්කිරීමට ඔව්න් බලාපොරොත්තු වන්නේ 2020 වසරේදීයි.
1 thought on “Nissan Leaf Autopilot ?”