ගුවන් යානාවක් සමග තරගෙට පියාඹන්න
Airbus A380 කියන්නේ ලොව තිබෙන විශාලතම මගී ගුවන්යනාව. එවැනි අතිවිශාල ගුවන් යානාවක් සමග එකම අහසේ පියඹා යාමට අවස්ථාවක් ලැබුණහොත්? කෙතරම් අපුරුද. අද අපි මේ තොරතුර ඔබවෙත ගෙන එන්නේ ඩුබායිවල සිටයි. ඩුබායි නගරය ලොව බොහොදෑ ලොව මුලින්ම සුදුකිරීමට උත්සහදරන ඉතා ධනවත් නගරයක්. මේ තොරතුරද ඩුබායි නගරයේ සිදුවූ තවත් එක් වික්‍රමාන්විත ක්‍රියාවක් පිළිබඳවයි.
Yves Rossy යනු Jet Man ලෙස ලෝකප්‍රසිද්ධ stuntman කෙනෙක්. ඔහු පසුගිය දිනකදී ඩුබායි උඩුගුවනේ අපුරු දස්කමක් සිදු කරා ඒ ඔහුගේ සහයක Vince Reffet සමගයි. මෙහිදී ඔව්න් දෙදෙනා තම kevlar polymer jet pack සමගින් ඉහල අහසේ Airbus A380 යානාවක් සමග පියඹායාමයි. මෙම වීඩියෝ ගතකිරීමට ඔව්න් හෙලිකොප්ටරයක සහය ලබාගෙන තිබුනා. මුහුදු මට්ටමේ සිට අඩි 5500ක් (මීටර 1676 ) ඉහල අහසේ පියාසර කරමින් ඩුබායි නගරයට අඩි 4000ක් ඉහලින් ගමන් ගන්නා A380 යානාව හා jet pack සමග පියඹායන Yves Rossy හා Vince Reffet රූපගත කරා. කෙසේවෙතත් ආරක්ෂාව ගැන මුලින් සිතු ඔව්න් ගුවන් ගතවවුයේ උඩුගුවනේ සිදුකිරීමට නියමිත stunts සහ flight patterns පිළිබඳව මනා අධ්‍යනයකින් පසුවයි.
ගුවන් ගතවීමට මොහොතකට පෙර Rossy පවසා ඇත්තේ “අපි විශාල උකුස්සෙක් සමග පියාසර කරන මදුරුවන් දෙදෙනෙක් මෙන් දිස්වේවි” ලෙසයි. මෙම අතිවිශාල A380 යානාව සමග පියාසර කිරීමට ඔව්න් දෙදෙනාට තම jet pack වල උපරිම බලය යොදාගැනීමට සිදුව තිබෙනවා. එලෙස උපරිම බලයෙන් යුක්තව පියාසර කිරීමේදී ඔව්න්සතු ඉන්ධන ප්‍රමාණවත්ව ඇත්තේ මිනිත්තු 10යක කාලයක් සඳහා පමණක් බැවින් මෙම සම්පුර්ණ විඩියෝවම මිනිත්තු 10ක් තුල වීඩියෝගත කිරීමට සිදුව තිබෙනවා.
මෙම ත්‍රාසජනක වීඩියෝව ඔබට පහලින් නැරඹීමට පුළුවන්.
මේ සම්පුර්ණ ක්‍රියාදාමය පිළිබඳව කෙටි වාර්තා වැඩසටහනක් පහතින්.