ලෝකයේ පුළුල්ම මුහුණු බද්ධ කිරීමේ සැත්කම
ලෝකයේ පුළුල්ම මුහුණු බද්ධ කිරීමේ සැත්කම (face transplant)සාර්ථකව නිමකිරීමට නිව්යෝක් සරසවියේ Langone Medical Center හි කාර්ය මණ්ඩලය සමත්වී තිබෙනවා. මේ සැත්කමට භාජනය වී තිබෙන්නේ 41 හැවිරිදි ගිනිනිවීමේ භටයාගේ . 2001 වසරේදී ගින්නක් නිවීමට යාමේදී ගිනිගත් නිවසේ වහල මෙම ගිනි නිවීමේ භටයාගේ හිස මත කඩා වැටි තිබෙනවා. ඔහු නමින් Patrick Hardison. මෙමෙ අනතුර නිසා ඔහුගේ මුහුණ සම්පුර්ණයෙන්ම විනශ වී ගොස් තිබෙනවා. ඉහත දැක්වෙන රුපයේ වම පසින් පෙනේනේ අනතුරින් පසුව ඔහුගේ මුහුණයි.
ඔහුගේ මේ විනාශ වී ගිය මුහුණට අලුත් මුහුණක් බද්ද කිරීමේ ක්‍රියාවලියට නිව්යෝර්ක් සරසවියේ කාර්ය මණ්ඩලය අවතීර්ණ වී තිබෙන්නේ ඔහුගේ උසට බරට සහ සමේ පැහැයට ගැලපෙන තවත් මුහුණක් ඔවුන්ට ලැබුන පසුවයි. මෙමෙ නව මුහුණ ලැබී තිබෙන්නේ David Rodebaugh නමැති පුද්ගලයාගෙන් ඔහු වයස 26 ක පුද්ගලයෙක්. දරුණු යතුරුපැදි අනතුරකින් පසුව ඔහුගේ මොලය මියගොස් තිබෙනවා. ඉන් පසුව ඔහුගේ මුහුණ ගිනි නිවීමේ භටයාට බද්ධ කිරීම ආරම්භ කර තිබෙනවා.
මුහුණ යනු අපේ සමේ කොටසක් එයත් අපගේ සාමාන්‍ය ඉන්ද්‍රියන් මෙන් එක ඉන්ද්‍රියක්. එම නිසා මෙය ඉන්ද්රිය බද්ධ කිරීමේ සැත්කමක්. මෙමෙ සැත්කමේ යෙදුන වෛද්‍ය වරුන්ට අනුව නම් මෙය වෛද්‍ය විද්‍යාවේ පෙරගමන්ට ඉතා රුකුලක් වන අවස්ථාවක්. සාමාන්‍යයෙන් ඉන්ද්රිය බද්ධ කිරීමකදී අලුතින් බද්ධ කරන අවයවය රෝගියාගේ සිරුරෙන් ප්‍රතික්ෂේප කිරීමේ අවධානමක් පවතිනවා. නමුත් මේ සැත්කම සමුර්නයෙන්ම සාර්ථක වී තිබෙනවා. මෙම සැත්කමට ගතවී ඇති මුළු කාලය පැය 26ක් වන අතර ඒ සඳහා 100 දෙනෙකුගෙන් යුතු කාර්යමණ්ඩලයක් සහභාගී වී තිබෙනවා



1 thought on “ලෝකයේ පුළුල්ම මුහුණු බද්ධ කිරීමේ සැත්කම”