පුදුම හිතෙන චීනයේ තාක්ෂණික දියුණුව
චීනයේ නිෂ්පාදනයක් ලෙස එන ඕනෑමදෙයක් ඉතාමත් ලාබදායි තත්වයෙන් බාල දේවල් ලෙස අප බොහෝකල් සැලකුවා. නමුත් කල්යත්ම යුරෝපයේ නමගිය බොහෝ සමාගම තම නිෂ්පාදනයන් චීනයේ සිදුකිරීමට පෙළඹුනේ එහි ඇති ඉතාමත් අඩු නිෂ්පාදන පිරිවැය නිසාවෙනි. කෙසේවෙතත් මුලින් මුලින් ජංගම දුරකතනයේ සිට ඇඳුම් රථවාහන වැනි සියලුම දේවල් copy කරමින් නිපදවූ ඔව්න් දැන් තම ස්වරුපය වෙනස්කරගනිමින් සිටිනවා. ඒ තමන්ගේම තාක්ෂනයන් හා නව සොයාගැනීම් මගින්. අද අප කතා කරන්නේ චීනය විසින් ඉදිකිරීම් ක්ෂේත්රයේ පිහිටවූ නව වාර්තාවක් පිළිබඳවයි.
චීනයේ බිජිං අගනුවර කියන්නේ රථවාහන තදබදය අධික ස්ථානයක්. එවැනි ස්ථානයක පිහිටි පාලමක් සම්පුර්ණයෙන්ම කඩා ඉවත්කොට නව පාලමක් සවිකිරීම ඉතාමත් කෙටිකලකින් සිදුකල යුතු දෙයක්. අපේ රටේ නම් මෙවැනි දෙයක් සිදුකිරීමට අඩුම වශයෙන් මාස කිහිපයක් ගතවනු නියතයි. නමුත් චීන ඉංජිනේරුවන් මෙය සිදුකර තිබ්බෙන පැය 43ක් වැනි කෙටි කාලයක් ඇතුළතයි. ඔව් ඔව්න් දින දෙකක් ගතවන්නටත් පෙර තිබු පාලමක් ඉවත්කොට නව මංතීරු 10කින් යුතු පාලමක් සවිකරා.
මෙහිදී ඔව්න් “integrated replacement method,” නම් නව තාක්ෂණයක් යොදාගත්තා මිට අමතරව නව පාලම එම ස්ථානයට යාබදව තනු අතර එයට යකඩ ටොන් 1300 පමණ යොදාගෙන තිබෙනවා. නොවැම්බර් මස 13 වන දින රාත්රී අරඹන ලද මෙම කාර්ය නොවැම්බර් 15 වන දින සවස් වනවිට අවසන්කොට ඒ වහාම රථවාහන ගමනා ගමනයට වීවෘත කරා. මෙහි time lapse වීඩියෝවක් පහතින්