ජලයේදී ඇඟිලිතුඩු රැළි වැටෙන්නේ ඇයි?
නැමෙන්, රෙදි සේදීමෙන් හෝ වෙනත් ජලය සමග බොහොවෙලාවක් අත් පා තෙමාගෙන වැඩකළ පසු අපගේ අතේ මෙන්ම කකුලේ ඇඟිලි වලත් ඇතිවන රැළි වැටීම් සාමාන්‍ය දෙයක් බව අපි හැමෝම දන්නවා. නමුත් අයි එහෙම වෙන්නේ ? ඔබට උත්තරයක් තිබෙනවද? අද අපි මේ කෙටි සටහන ගෙන එන්නේ මෙම සැවොම දන්නා, හේතුව නොදන්නා මෙම කාරණාව පිළිබඳවයි.
මුලින් මේ පිලිබඳ පළවූ අදහසක් වනුයේ බොහෝ වෙලාවක් ජලය සම සමග ගැටී පැවතීම නිසා සමේ බාහිර ස්තරය ජලය අවශෝෂණය කරගන්නා බවයි. මෙම අවශෝෂණය නිසා සම ප්‍රසාරණය වීම මගින් මෙම රැළි ඇතිවන බවයි. නමුත් දැන් පර්යේෂකයින් පිරිසක් මේ පිළිබඳව නව අදහසක් ඉදිරිපත් කරනවා. ඔව්න්ට අනුව සිදුවන්නේ අපගේ ඇඟිලි ජලයේ ගිලි වැඩි වේලක් පවතින විට ඇතිවන ස්නායු සංඥා මගින් රුධිර නාලිකා හැකිලවිමයි. මෙලෙස රුධිර නාලිකා හැකිලුනු විට රුධිර සංසරණය අඩුවීම නිසා පාදවල හා අතේ ඇඟිලිතුඩු වල ඇති වටකුරු ස්වභාවය වෙනස්වී රැළිසහිත වනවා.
මෙලෙස සිදුවීම ඔව්න් සඳහන් කරන්නේ අප පරිණාමයේ සිට පැවත එන්නක් බවයි. ඔව්න්ට අනුව අප යම් කාර්යක් අතින් සිදු කිරීමේදී ඇඟිලි තුඩු මගින් ඕනෑම දෙයක් තදින් අල්ලාගැනීමට යොදාගන්නවා. එවනි දෙයක් ජලය සහිතව සිදුකිරීමේදී රැළි සහිත ඇඟිලි තුඩු ටයරයක කට්ට මෙන් ජලය ඉවත්කොට ඉතා හොඳ grip එකක් ලබාගැනීමට උපකාරී වනවා. ඊට අමතරව වර්ෂාව පවතින විට දඩයම් කිරීමට ආයුධ හොදින් අල්වා ගැනීමේ සිට තෙත් මතුපිටි වල නැගීම, බැසීම, දිවයාම වැනි දෑ පහසුකිරීමට මෙය උපකාර වන්නට ඇතිබව ඔව්න් පවසනවා.
1 thought on “ජලයේදී ඇඟිලිතුඩු රැළි වැටෙන්නේ ඇයි?”