ඔබේ දරුවා මානසික ආතතියෙන් මුදවාගන්න
මානසික ආතතිය(stress) අද බොහෝ දෙනෙක් අතර බහුල දෙයක් කාර්යබහුල ජිවන රටාව තම පවුල් වලින් ඈත්ව වාසය කිරීම නිවසේ ඇති ගැටළු සහගත තත්වයන් මෙයට බලපාන්නට පුළුවන්. නමුත් අප බොහෝ විට සිතා සිටින්නේ මානසික ආතතියට ගොදුරු වන්නේ වැඩිහිටියන් පමණක් බවයි. නමුත් ඔබ පුදුම කරවන කාරණය නම් ඔබේ කුඩා දරුවාටද මානසික ආතතිය වැළඳීමේ හැකියාවක් පවතිනවා දෙමාපියන්ට ඔවුන් සමග ගතකිරීමට ඇති කාලය අවම වීම පාසලේදී ඇතිවන ගැටළු අනේකවිධ වූ අතිරේක පන්ති ගොන්න වත්මන් දරු පරම්පරාවට මානසික ආතතිය ඇතිකිරීමේ මුලික තැනක් ගන්නවා.
දරුවන්ගේ යහපත් සෞඛ්‍ය වැඩිහිටි සැමගේම බලාපොරොත්තුවයි ඔබගේ ඒ බලාපොරොත්තුව වැඩිකරලීමට හේතුවන අලුත්ම සොයාගැනීමක් පිළිබඳවයි මේ ලිපිය දිගහැරෙන්නේ. මෙමෙ නවතම සොයාගැනීමට අනුව නිවසේ සුනඛයෙකු ඇති කිරීම දරුවන් තුල මානසික ආතතිය වැනි රෝගී තත්වයන් අවම කිරීමට හේතුවන බව පර්යේක්ෂකයන් සොයාගෙන තිබෙනවා. මෙමෙ පරීක්ෂණය සිදුකර තිබෙන්නේ US Centres for Disease Control and Prevention (CDC) නමැති ආයතනයෙන් ඔවුන් වයස අවුරුදු 4 සිට 10 දක්වා වූ ළමයින් 643 දෙනෙකුන් මාස 18 ක කාලයක් පුරා නිරීක්ෂණය කොට තිබෙනවා
මෙහිදී ඔවුන් විසින් එක් එක් කුඩා දරුවා සුරතල් සුනඛයා සමග ගතකරන කාලය සහ ඔවුන්ගේ උස බර වැඩිම වැනි ශාරීරික සුවතාවය පෙන්නුම් කරන මිනුම් මෙන්ම ඔවුන්ගේ මානසික සුවතාවය පෙන්නුම් කරන මිනුම් ද ලබාගෙන තිබෙනවා. මෙහිදී දක්නට ලැබී ඇති කාරණයක් නම් දරුවන් සුනඛයන් සමග ගතකරන කාලය සහ ඔවුන්ගේ ශාරීරික සුවතාවය අතර විශාල සම්බන්ධතාවයක් දක්නට නොලැබුනත් වඩා වැඩි කාලයක් තම සුරතල් සුනඛයා සමග ගතකිරීමට අවස්ථාව ලැබෙන දරුවන් වඩා හොඳ මානසික සුවතාවයකින් පෙලෙන බවයි.
නිවසේ සුනඛයෙකු සිටින දරුවන් ගේ මානසික ආතතිය වැළඳීමේ ප්රවනතාව 12% ලෙසත් නිවසේ සුනඛයෙකු නොමැති දරුවන් අතර එම ප්රවනතාව 21% පමණ ඉහල අගයක් ගන්නා බවට පර්යේක්ෂකයන් විසින් සොයාගෙන තිබෙනවා. ඔවුන්ට අනුව නිවසේ සුනඛයෙකු සිටින දරුවන්ට දෙමාපියන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන අතතිමය තත්වය වැළඳීමේ ප්රවනතාවය ඉතා අඩු මට්ටමක පවතිනවා. මෙහිදී මතුවී ඇති තවත් කාරණයක් වන්නේ නිවසේ ඇතිකරනු ලබන සුනඛ වර්ගය මේ ප්‍රතිඵලයට එතරම් බාල නොපාන බවයි.
කාර්යබහුල ජිවිතයක් ගතකරන බොහෝ දෙමාපියන්ට මෙම සොයාගැනීම වැදගත්වනු ඇති. නමුත් පර්යේක්ෂකයන් අවධාරණය කර සිටින්නේ මේ සියලු දේටම වඩා දරුවන් බලාපොරොත්තු වන්නේ තම දෙමාපියන් සමග කාලය ගතකිර්ම සහ දෙමාපියන්ගේ අවධානය දරුවන් වෙතට යොමුවීම බවයි. ඔබේ දරුවටත් සුරතල් සුනඛයෙකු ලබාදීම දරුවාගේ මානසික සෞඛ්‍ය හොඳින් තබාගැනීමට උපකාරී වනු ඇති. නමුත් ඔබේ දරුවාට දෙමාපියන්ගෙන් ලැබෙන ආදරය සහ රැකවරණය සුනඛයෙකු ගෙන් ලැබෙන සෙනෙහසට වඩා සියදහස් ගුණයක් වටිනවා නොඅනුමානයි.
1 thought on “ඔබේ දරුවා මානසික ආතතියෙන් මුදවාගන්න”