sky deck ලෝකයම කුරුළු ඇසින්
ගුවන් යානාවක ගමන් ගන්නා බොහෝ පිරිස් අතර ජනේලය අසල අසුනක් වෙන්කර ගැනීමට බලාපොරොත්තු වන පිරිසක් සැම විටම සිටිනවා. වලාකුළු වලට ඉහලින් ගමන්කරමින් අප සිටන පෘථිවියේ සුන්දරත්වය දැකගැනිමට ඊට වඩා හොද අවස්ථාවක් නොලැබෙන නිසයි. අද අප මේ ගෙන එන කරුණ එවැනි සුන්දරත්වයන් විඳගැනීමට කැමති අයටනම් සුබ ආරංචියක් වනවාට සැකයක් නැහැ.
පසුගිය දිනෙක American aerospace engineering නම් සමාගම patent බලපත්රයක් ලබාගත්තා. ඒ ගුවන්යනාවක වහලයේ සවිකිරීමට හැකියාව ඇති මුළුමනින්ම වීදුරුවලින් නිමකරන ලද ගෝලාකාර නැරඹුම් කුටියක් සඳහායි. එය ඔව්න් sky deck යනුවෙන් නම් කර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ඕනෑම ගුවන් යානාවක් මත සවිකිරීමට හැකිවීමයි. ගුවන් යානාවේ ප්රමාණය මත එක් අසුනක් හෝ අසුන් දෙකක් සහිත sky deck එකක් සවිකර ගැනීමේ හැකියාව පවතිනවා. දැනට සිදුකර ඇති පර්යේෂණයන්ට අනුව මෙය ගුවන් යානාව මත අමතර drag force එකක් ඇති නොකරන බවට සමාගම සහතික කර ඇති අතර නමුත් ඉන්ධන කාර්යක්ෂමතාවයේ යම් අඩුවීමක් එහි බර නිසා ඇතිවිය හැකි බව පවසනවා.
මෙය බොහෝ වාණිජ ගුවන් යානා සමාගම් මෙන්ම පෞද්ගලික ගුවන් යානා හිමියන්ගේද අවධානය දිනාගැනීමට සමත්ව තිබෙනවා. sky deck එකක් සවිකිරීමෙන් පසු ගමන් ගන්නා ගුවන් යානාවෙන් පිටතින් සිට අංශක 360 ම නැරඹීමේ හැකියාව ලැබෙනවා. තවද මෙය වාණිජ ගුවන්යානා වල fight entertainment සඳහාද පහසුවෙන් යොදාගැනීමට පුළුවන්. මෙහි ක්රියාකාරිත්වය පිලිබඳ වීඩියෝවක් පහලින්.
1 thought on “sky deck ලෝකයම කුරුළු ඇසින්”