බෝම්බ වලකන බැගය Bomb Proof Bag
බෝම්බ යන වචනය අසුන පමණින්ම අප තරමක් තැතිගන්නවා. නමුත් ගුවන්යානයක් තුල බෝම්බ පිපිරීමක් යනු ගොඩබිමකදී මෙන් නොව ඉතා විනාශකාරී ප්‍රතිපල අත්කර දෙන්නක් මන්ද උඩුගුවනේදී සිදුවන ඉතා සුළු පිපිරීමකින් පවා මුළු ගුවන් යානයම විනාශ වී යාමට ඉතා ඉහල ඉඩක් තිබීමයි. ගුවන් යානා ඒවා ඇතුලත සිදුවන පිපිරීම් වලින් ආරක්ෂා කරගැනීමට බොහෝ පරීක්ෂණ පැවැත්වෙනවා. මෙවන් පරීක්ෂණ වල එක් සාර්ථක අත්හදාබැලීමක් පිළිබඳව තොරතුරුයි මේ.
මෙම අත්හදා බැලීම කර තිබෙන්නේ එංගලන්තයේ Sheffield සරසවියේ පරීක්ෂකයන් පිරිසක්. ඔවුන්ගේ සොයාගැනීමට අනුව විශේෂිත වූ ආකාරයකට නිපදවන ලද මේ බෝම්බ නිවාරක බැගයන්ට ඒවා තුල සිදුවන පිපිරීම් දරාගෙන සිටීමේ හැකියාවක් තිබෙනවා.
මෙම බැගය නිපදවී තිබෙන්නේ සුවිශේෂී රෙදි වර්ග සහ වෙනත් සංයුතීන් ස්තර කිහිපයක් ලෙස එකිනෙක මත අතිරිමෙනුයි. මෙමෙ බැගය මෙම වසරේ මුල භාගයේදී එහි මුලික අදියරේ පරීක්ෂණ වල දී සාර්ථක ලෙස අත්හදා බලා තිබුනා.
මෙම බැගය නිපදවා තිබෙන රෙදිවල අඩංගු වන සුවිශේෂී සංයෝග නිසා එයට කම්පනයට සහ තාපයට ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙනවා. මෙමගින් පිපිරිම නිසා පිටවන තාපයත් කම්පනයත් එයට දරාගැනීමේ හැකියාවක් ලැබෙනවා. එමගින් එම පිපිරිම නිසා ගුවන් යානයේ බඳට හෝ වෙනත් කොටස් වලට සිදුවිය හැකි හානිය අවම කිරීමේ හැකියාවක් තිබෙනවා.
ආරක්ෂක කරුණු මත මෙම සුවිශේෂී නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර විස්තර නිකුත් වී නැහැ. මන්ද පර්යේක්ෂකයන් පවසන අන්දමට මෙම රෙදි වර්ගය නිපද වීටම යොදාගන්නා අමුද්‍රව්‍ය සහ ඒවා භාවිත වන ආකාරය ත්රස්තවාදීන් අතට පත්වුවහොත් ඔවුන්ට මෙමෙ රෙදි වර්ගයට ඔරොත්තු දීමට නොහැකි බෝම්බයක් නිපදවීමේ හැකියවක් පවතිනවා.
මෙමෙ නිෂ්පාදනය තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ. කෙසේ වෙතත් මෙය නුදුරු අනාගතයේදීම අපගේ ගුවන් ගමන් වඩාත් ආරක්ෂා කරනු ඇතිබව පරීක්ෂකයන්ගේ විශ්වාසයයි