යෝධ මුහුදු දැල්ලෙක් (Giant Squid) ජපානයෙන්

දැල්ලන් යනු බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. නමුත් මේ වාර්තා වන්නේ යෝධ දැල්ලෙක් පිළිබඳවයි. යෝධ දැල්ලන් යනු මුහුදේ ඉතා ගැඹුරේ ජිවත් වන සතුන් විශේෂයක්. ගැඹුරු මුහුදු පතුලේ අඳුරු පරිසරයක ජිවත් වන මෙම සතුන් සාමාන්‍යයෙන් මුහුදේ ඉහල මට්ටමට පැමිණෙන්නේ නැහැ. නමුත් පසුගියදා මෙවන් යෝධ මුහුදු දැල්ලෙක් කිමිදුම් කරුවන් පිරිසකගේ නෙත ගැටුණු අවස්ථාවක් වාර්තා වුනා.
මේ සිදුවීම වාර්තා වී තිබෙන්නේ ජපානයෙන්. ජපානයේ බටහිර මුහුදු තිරයේ Toyama Bay කලාපයේ පසුගිය නත්තල් දා මෙම යෝධ දැල්ලා කිමිදුම් කරුවන්ගේ කැමරාවට හසුවී තිබෙනවා. මෙම යෝධ දැල්ලාගේ විශාලත්වය මීටර් 3.7 පමණ වන බව අනුමාන කෙරෙනවා. සාමාන්‍යයෙන් හොඳින් වැඩුණු යෝධ දැල්ලෙක් ගේ විශාලත්වය මීටර් 13ක් පමණ වනවා. මෙම අවස්ථාවේ දී ලබාගන්නා ලද වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකියි.
කෙසේ වෙතත් මෙම යෝධ දැල්ලා ජපානයේ මුහුදු තිරයට පැමිණියේ ඇයි දැයි යන්න අපැහැදිලි කාරණයක්. මෙමෙ සත්වයා අසලින් කිමිදීමේ යෙදුන ජපාන ජාතිකයන්ට අනුව නම් ඌ කිසිදු අනතුරකට භාජනය වී තිබූ බවක් පෙනෙන්නට තිබී නැහැ. ඔවුන්ට අනුව නම් මෙම යෝධ දැල්ලා කිමිදුම් කරුවන් දැල්ලාගේ ග්‍රහණයට ගැනිමට පවා උත්සාහ කර තිබෙනවා.
මෙවන් බොහෝ විශාල සත්ව වර්ග ඉතා ගැඹුරු මුහුදේ ජිවත් වෙනවා. මෙමෙ යෝධ දැල්ලන් පිළිබඳව පවා ප්‍රථම වරට චායාරුප ගත කිරීමට අවස්ථාවක් ලැබී තිබෙන්නේ 2012 වසරේදීයි.
1 thought on “යෝධ මුහුදු දැල්ලෙක් (Giant Squid) ජපානයෙන්”