ජලය තුලදී වෙඩි තැබීම slow motion සටහනකින්
වතුර යටදී සිදුවන දරුණු සටන් එසේත් නැත්නම් වතුර යට සිටින මිනිසුන්ට වෙඩි තබන අවස්ථා අප ඕනෑ තරම් චිත්‍රපට වල දැක තිබෙනවා. නමුත් මේ චිත්‍රපට වල තිබෙන්නේ සත්‍යම නොවෙයි. ජලය තුලදී උණ්ඩයක ගමන් කිරීම සහ එය තුවක්කුවෙන් පිට වන මොහොතේ සිට එය නැවතීමට ලක්වන මොහොත වන තෙක් සියල්ල slow motion අදාරයෙන් video ගත කල අවස්ථාවකින් සත්‍ය වශයෙන්ම ජලය තුලදී සිදුකරන වෙඩි තැබීමකදී උණ්ඩයේ ගමන් මග සහ එහි හැසිරීම පිළිබඳව සත්‍ය තොරතුරැ අපට දැන් දැක ගන්නට පුළුවන්.
ඉහත video වෙන් දැක්වෙන්නේ එලෙස ජලය තුලදී AK-47 අවියකින් සිදුකරන ලද වෙඩි තැබීමක් slow motion camera ආධාරයෙන් පටිගත කල අවස්ථාවක්.
මෙම video ව ඔබ හොඳින් නිරීක්ෂණය කල හොත් පහත කරුණු ඔබට දැකගැනීමට හැකි වෙනු ඇති.
-
උණ්ඩය ඉතා කෙටි දුරකින් නැවතීම.
සාමාන්‍යයෙන් ගිනි අවියකින් පිටවන උණ්ඩයක් වේගයෙන් සැලකිය යුතු දුරක් ගමන් කරනවා. නමුත් ජලය තුලදී එය ගමන් කරන දුර ඉතාමත් කෙටියි. එමෙන්ම එයට කෙලින් ගමන් කිරීමේ හැකියාවක්ද නැහැ. මිට හේතු වන්නේ වාතයට වඩා ජලයේ ගණත්වය ඉහල අගයක් ගැනීමයි. වාතයේ ගණත්වය අඩු අගයක් ගන්නා නිසා සාමාන්‍යයෙන් උණ්ඩයකට වැඩි දුරක් ඍජුව ගමන් කල හැකි. නමුත් ජලයේ ගණත්වය ඉහල නිසා උණ්ඩයට ජලයෙන් එල්ල වන ප්‍රතිරෝධය ඉතා ඉහලයි ඒ නිසා උණ්ඩයට ජලය තුලදී අඩි කිහිපයකට වඩා චලනය විය නොහැකියි.
-
උණ්ඩය නිකුත්වූ පසු සදෙන වායු බුබුල හැකිලී නැවත පිම්බීම.
උණ්ඩය නිකුත් වූ පසුව එය පසුපසින් සදෙන වායු බුබුල ආරම්භයේදී කුඩා එකක් එවිට එහි පීඩනය ඉතා වැඩියි එවිට එය වේගයෙන් ප්‍රසාරණය වනවා.
නමුත් එක් මොහොතකදී වායු බුබුලේ ඇතුලේ පීඩනය පිටත පිඩනයට සමාන වෙනවා එවිට බුබුල ඒ ආකාරයටම පැවතිය යුතු යැයි ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් ආරම්භයේදී වායු බුබුල ඉතා වේගයෙන් ප්‍රසාරණය වූ නිසා ඇතුලට සහ පිටත පීඩනයන් සමාන වුවත් වායු බුබුලේ චාලක ශක්තිය නිසා එය තව දුරටත් ප්‍රසාරණය වෙමින් ඒ චාලක ශක්තිය විභව ශක්තිය බවට පත් කරගන්නවා.
දැන් නැවතත් පිටත පීඩනය වැඩි නිසා වායු බුබුල ඇකිලිමට ලක් වෙනවා. වායු බුබුල අකිලිමේදීද මෙම ක්‍රියාවලිය නැවතත් සිදුවෙනවා.
මෙලෙස කිහිප වරක් වායු බුබුල පිම්බීම සහ ඇකිලිම සිදුවෙනවා. සැම අවස්ථාවකදීම ක්‍රමක්‍රමයෙන් සිදුවන ශක්ති හානිය නිසා කිහිප අවස්ථාවකින් පසුව මෙම ක්‍රියාවලිය නැවතී යනවා.
විද්යාත්ම ලෝකය හරි අරුම පුදුම තැනක් එදිනෙද ඔබ දකින බොහෝ දේවල් මෙලෙස සාමාන්‍ය විද්‍යාත්මක සංසිද්ධීන් භාවිතයෙන් පැහැදිලි කරගන්නට පුළුවන්. මේ video වේ ඔබ දකින වෙනත් දෙයක් ඔබ දන්නා විද්‍යාත්මක සංසිද්ධීන් භාවිතයෙන් පැහැදිලි කල හැකිනම් එය comment එකක් ලෙස සටහන් කරන මෙන් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.
1 thought on “ජලය තුලදී වෙඩි තැබීම slow motion සටහනකින්”