හිසකෙස් යාමට අලුත්ම විසඳුම
හිසකෙස් යෑම කියන්නේ අද කාලයේ ගැහැණු පිරිමි දෙපාර්ශවයටම තිබෙන ප්රධාන ගැටළුවක්. අප ගතකරන අතිශය කාර්යබහුල ජීවිතයත් සමග ඇතිවන මානසික ආතතිය මෙයට එක් හේතුවක්. මිට අමතරව තව බොහෝ හේතු මෙයට බලපානවා. පිරිමි පාර්ශවයට වඩා කාන්තාවන් මේ පිළිබඳව වැඩි උනන්දුවක් දක්වන්නේ නිරෝගිමත් කොණ්ඩයක් ඔව්න් සැවොම බලාපොරොත්තු වන නිසායි. අද රුපලාවන්ය සමාගම් මේ ගැටළු සඳහා විවිධ වූ ප්රතිකාර ක්රමයන් හදුන්වා දෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ ඒවා හුදෙක් මුදල් සඳහා පමණක් වන නිෂ්පාදනද යන්නයි. මොකද මෙවැනි ගැටළු සඳහා ඕනෑම මුදලක් වියදම් කිරීමට සුදානම් පිරිසක් සිටින නිසාවෙන්.
කෙසේවෙතත් අද අප ජීවත්වන්නේ 21වන ශතවර්ෂයේයි දැන් අපගේ බොහෝ රුපලාවන්ය උපාංගයන් ද දියුණු තාක්ෂණයෙන් යුක්ත වීමට පටන් අරන්. අද අප කතා කරන්න සුදානම් වන්නේ හිසකෙස් යාම අවම කිරීමට සඳහා ලේසේර් තාක්ෂනය යොදාගනිමින් නිපදවූ පනාවක් පිළිබඳවයි. මෙය Laserband 82 ලෙස නම්කර තිබෙනවා. medical grade laser භාවිතාවන මෙය බාහිර පෙනුමෙන් හිස පළඳනාවක හැඩය ගන්නවා. මෙහිදී සිදුවන්නේ එම laser band එක හිස ඉදිරිපද සිට පසුපසට ගෙන යාමේදී හිස්කබල ලේසේර් කිරණ වලට නිරාවරණය කිරීමයි. එහිදී laser කිරණයන් මගින් කෙස්වල මුල් උත්තේජනය කිරීම සිදුවනවා. ඔව්න් පවසන අන්දමට මෙම ප්රතිකර්මය සතියට දින තුනක් මිනිත්තු 1.5 කාලයක් සිදුකිරීම මගින් හිසකෙස් ගැලවීයාම අඩුකර ගත හැකි බවයි. දැනට මෙම උපකරණ වෙළඳපොළ වෙත ඉදිරිපත්කර ඇති අතර එහි මිට ඇමෙරිකානු ඩොලර් 795 අසන්න වශයෙන් රුපියල් 115000 පමණ වනවා.
1 thought on “හිසකෙස් යාමට අලුත්ම විසඳුම”