ලංකාව ගැන විදේශිකයන් google කරේ මොනවද ?
මතක ඇතිනේ google ඔස්සේ අපේ ලංකාවේ අය වැඩිපුරම හෙව්වේ මොනවද කියල, දැන් තවත් එවැනි වාර්තාවක් නිකුත් කරලා තිබෙනවා නමුත් මෙවර Fixer නම් සමාගමක් ලොව වෙනත් රටවල ජිවත්වන පිරිස් විවිධ වූ රටවල් පිළිබඳව වැඩිපුරම සොයාබලා ඇත්තේ මොනවා ගැනද කියා දත්ත එකතු කොට සාදන ලද සිතියම් කිහිපයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
මෙහිදී ප්‍රධාන වශයෙන් ඔව්න් දත්ත එකතු කොට තිබෙන්නේ විදේශිකයින් සොයාබලන භාණ්ඩ හා සේවාවන් පිළිබඳවයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් චීනය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ වලට ප්‍රසිද්ධ වන අතර තුර රුසියාව පිළිබඳව සොයා ඇත්තේ MIG ප්‍රහාරක යානාවක ගමන් කිරමට කොතරම් මුදලක් අයකරනවද යන්නයි මිට අමතරව ඉන්දියාවේ ගවයින් පිළිබඳවත් බොහෝ විදේශිකයින් සොයාබලා තිබෙනවා. ලංකාව පිළිබඳව වැඩිපුරම සොයා ඇති දෙය තමයි “honeymoon” ඔව් බොහෝ විදේශිකයින් සොයා ඇත්තේ තම මධුසමය ලංකාවේ ගත කිරීම පිළිබඳවයි. සංචාරක ක්ෂේත්රය ඔස්සේ ඉහලට යාම ගැන කතා කරන කාලයක එය තරමක් හොඳ දෙයක් ලෙස අපට දකින්නට පුළුවන්. මුළු ලෝකයම පිලිබඳ තවත් විස්තර සහිත සිතියම් ඔබට පහලින් බැලීමට පුළුවන්.