ලොව පළමු Smart Gun එක
ලෝකයේ සැමදෙයක්ම වගේ smart වෙන්න පටන් අරන් දැන් ටිකක් කල්. මුලින්ම අවේ smart phone, ඉන්පසුව smart TV, smart car, smart watch යනාදී වශයෙන් බොහොදෙවල් අපට එදිනෙදා කටයුතු පහසු වන ලෙසට smart වෙන්න පටන්ගත්තා. නමුත් හැම දෙයක්ම smart වෙද්දී ඒවා පාවිච්චි කරන මිනිසුන් dumb නැතිනම් මෝඩ උනාද කියලත් හිතෙනවා. මොකද smart phone තියෙන්නේ facebook යන්න විතරක් කියල හිතාගෙන ඉන්න මිනිස්සුත් ඉන්න නිසා. එවැනි මිනිසුන් අතර දැනුමට යමක් එක්කර ගන්න අප සමග එක්ව සිටින පාඨක ඔබ ගැන අපට තිබෙන්න පොඩි ආඩම්බරයක්.
Machines have no brain, so please use your own කියල කතාවක් අහල ඇතිනේ. එක කර්මාන්තශාලාවන් වල ප්‍රසිද්ධ කියමනක්. නමුත් විටක මානසික රෝගයක් හෝ යම් කිසි දෙයක් පාවිච්චි කිරීමට නොදන්නා අයෙකුට එවැනි machine එකක් operate කරන්න කව්රුවත් දෙන්නේ නැනේ මොකද එහෙම උනොත් ලොකු විනාසයක් වෙන නිසා. නමුත් තුවක්කුවක් වැනි දෙයක් ආරක්ෂාසහිතව අරන් තිබ්බත් එය යම්කිසි මානසික ගැටළුවක් හෝ පාවිච්චි කිරීමට නොදත් කෙකෙන් අතට පත්වුවහොත් සිදුවන දේවල් පිළිබඳව උදාහරණ පහුගිය කාලයේ අමෙරිකාවෙන් අපිට අහන්න ලැබුනා. පාසල් වල සිදුවූ වෙඩි තැබීම බොහොමයක් සිදුවුයේ නිවාස වල තිබෙන තුවක්කු කුඩා දරුවන් පාසලට ගෙන යාමෙන්, තවද මානසික රෝග වලින් පෙළුණු පුද්ගලයින්ද තුවක්කු රැගෙන ගොස් පාරේ සිටි අහිංසක පුද්ගලයින්ට වෙඩි තැබීම වාර්තාවුවා
අද මෙම ලිපිය ඇමෙරිකාවේ පාසල් සිසුවෙකු විසින් නිර්මාණය කරන ලද smart තුවක්කුවක් පිළිබඳවයි. Kai Kloepfer නම් ඔහු සුදානම් වන්නේ finger print reader එකක් සැම තුවක්කුවකටම හදුන්ව දීමටයි. දැනට අප අපේ smart phone එක සඳහා යොදාගන්න තාක්ෂණයම ඔහු තුවක්කුව unlock කිරීමට යොදාගන්නවා එහිදී තුවක්කුවේ හිමිකරුව හදුනාගෙන ස්වයන්ක්‍රියව unlock වීම සිදුවනවා. ඒ අනුව තුවක්කුව බාවිතා කිරීමට හැකියාව ලැබෙන්නේ ඔහුට පමණක් වන අතර මනා ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යකින් යුතු පුද්ගලයකු එය භාවිතා කරන බවට සැහීමකට පත්වන්නට පුළුවන්. 2013 වසරේ පටන්ම ඔහු මෙහි පර්යේෂණ වල නිරත වනවා. මොකද ජංගම දුරකථනය අපට දෙතුන් පාරක් උත්සහ කිරීමෙන් unlock කරගන්න වෙලාව තිබ්බත් ආත්මාරක්ෂාව සඳහා තුවක්කුවක් අවශ්‍යවන විට එය ක්ෂණිකව unlock වීම අනිවාර්ය නිසා දැන් ඔහු තම ප්‍රථම prototype එක නිෂ්පාදනයට සුදානම් වනවා ඒ ඇමෙරිකාවේ vision-works engineering සමාගම සමගයි
1 thought on “ලොව පළමු Smart Gun එක”