ලොවම තැතිගැන්වූ මොකක්ද මේ Zika වෛරසය?
පසුගිය සති කිහිපය තුල ඔබ ලෝක පුවත් පිළිබඳව අවධානයෙන් සිටියානම Zika වෛරසය පිළිබඳව දන්නවා ඇති. එය දැන් ලෝක සෞඛ්‍ය තර්ජනයක් වශයෙන් හදුන්වා ඒ පිලිබන්දව නිවේදනයක් පවා නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර ඇත්තේ එහි ඇති භයානක කම නිසාවෙන්. එහි ඇති අවධානම් සහගතම කරණය වන්නේ ගර්භනී කාන්තාවන්ට මෙය වැළඳුනු විට ලැබෙන දරුවන් නිසි ආකාරයෙන් නොවැඩුණු කුඩා හිසක් සහිතව හා ප්‍රමාණයෙන් කුඩා මොලයක් සහිතව ඉපදීමයි.මෙම කරුණ නිසා ලතින් ඇමෙරිකානු රටවල් කාන්තාවන්ගෙන් වසර 2018 තෙක් ගර්භනී වීමෙන් වලකින ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා. දැනට ලොව තවමත් මේ සඳහා ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර අපරටද මෙය වියප්තවීමේ අවධානම් කලාපය තුල පිහිට තිබීම නිසා මේ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට සිතුවා.
Zika වෛරසය පැතිරීයාමේ අවධානම සහිත ප්‍රදේශ
මෙම වෛරසය පිළිබඳව මුලුන්ම වාර්තා වන්නේ ලතින් ඇමෙරිකානු කලාපයෙන් ඒ 2015 මැයි මාසයේදී ඉන්පසුව මෙය බ්‍රසීලය, මෙක්සිකෝව ප්‍රමුක ලතින් ඇමෙරිකානු රටවල් පුරා ව්යප්තවනවා. ප්‍රධානය වශයෙන් මෙය මුලින් හදුනා ගත්තේ ඩෙංගු හා චිකන්ගුන්යා වෛරසය මෙන් මදුරුවන් මගින් බෝවන රෝගයක් ලෙසයි. නමුත් පසුගිය සතියේ සොයාගත් ආකාරයට මෙය ලිංගිකවද බෝවන බව තහවුරු කරගෙන තිබෙනවා. එය වාර්තාව තිබ්බෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.
වාසනාවකට තවමත් මෙය අපරට තුලට පැමිණ නැතත් මදුරුවන් මගින් බෝවන නිසා අපටද දැඩි අවධානමක් මෙමගින් එල්ලවනවා. දැනට වාර්තා වන අන්දමට Zika වෛරසය ශරීර ගතවුවන් 5දෙනකු ගෙන් එක් අයෙකු පමණක් රෝගීවන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ වන්නේ සතියකට දින කිහිපයක් පවතින උණ ගතියක්, හිසේ කැක්කුමක්, හා ප්‍රධාන වශයෙන් මස්පිඩු වේදනාවන් හන්දිපත්වල රිදීමක්, අධික කැසිමකින් යුතු දද හා ඇස් රතුවිමයි. දැනට නිසි ප්‍රතිකාරයක් නොමැති නිසා සැදුනු විට හැකිතාක් මහන්සිවිමෙන් වැලකීම (resting) පැරසිටමෝල් වැනි වේදනානාශක වලින් වැලකීම හා හොදින් ජලය පානය කිරීම මෙන්ම මදුරුවන් දෂ්ඨ කිරීම වැලක්විමයි. මොකද Zika වෛරසය ශරීරිය තුල ඇතිබැවින් මදුරුවන් මගින් එය අනයටද පැතිර යාම අවම කිරීමටයි. කෙසේවෙතත් ගර්භනී කාන්තාවකට මෙය වැළඳීම මගින් කුඩා හිසක් ඇති දරුවකු ඉපදීමේ දැඩි අවධානමක් පවතිනවා. දැනට ඉන්දියාවේ රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වී ඇති අතර මෙවැනි රෝග රටතුලට පැමිණීම වැලක්වීමට අප රටේ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාත්මක වියයුතුයි. මොකද අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක්නොවන නිසා.
1 thought on “ලොවම තැතිගැන්වූ මොකක්ද මේ Zika වෛරසය?”