ඕනෑම nut එකකට හරියන යතුර
ලෝකය කාර්මීකරණය වීමත් සමග මිනිසාට තම වැඩ කටයුතු පහසුවෙන් කරගැනීමට විවිධ යන්ත්‍ර හදුන්ව දෙනු ලැබුවා. මෙලෙස විවිධ වූ යන්ත්‍ර නිපදවීමේදී එක එකලස් කිරීමට විවිධ ක්‍රම යොදාගත්තා ඒ අතුරින් welding කිරීම rivet කිරීම මෙන්ම crimp කිරීම හා tight fitting මුලික වශයෙන් යොදාගත්තා, නමුත් මෙම ක්‍රම මගින් යමක් සවිකළ පසු නැවත එය ගැලවීම එතරම් පහසු දෙයක් වුයේ නැ. එම නමුත් එවැනි ගැටළුවක් නොමැති nut සහ bolt මගින් එකලස් කිරීම ජනප්‍රිය හා වාසිදායක ක්‍රමයක් වුවා. ඒ මිට වසර සිය ගණනකට පෙරයි. ඉන්පසුව ලොව යානවාහන නිපදවීමේදී බහුලවම nut සහ bolt යොදාගත් අතර අවශ්‍ය කරන ශක්තිය අනුව විවිධ ප්‍රමාණ වලින් යුක්තවයි. ඒ නිසා සාමාන්‍ය ගරාජයක හෝ වැඩපොලක යතුරු පෙට්ටියක් තිබීම අනිවාර්ය කරුණක් වුවා.
මෙනිසා ඕනෑම mechanic කෙනෙක් සතුව අනිවාර්යෙන්ම යතුරු කිහිපයක් තිබිය යුතු වුණා. නමුත් අවශ්‍ය විට යතුර මාරු කරමින් වැඩ කිරීම තරමක් කරදර කාරී දෙයක්. ඒ වගේම නියමිත යතුර නොමැතිව ඇණ ගලවන්න ගිහින් ඇණ රවුම් උනාම එක ඊට වඩා වදයක්. මෙවැනි ගැටළු දශක ගනනාවක් පුරා පවතී අතර දැන් මෙයට හොද පිළිතුරක් ලබාදෙමින් Aperture නමින් සියලුම bolt ප්‍රමාණ වලට ගැලපෙන එක් යතුරක් හදුන්ව දීමට සමත්ව තිබෙනවා.
ඔබට තාක්ෂණික දේවල් ගැන සාමාන්‍ය දැනුමක් තිබේනම් ඔබ දන්නවා ඇති කැමරාවක aperture වැඩ කරන ආකාරය. අන්න ඒ වගේ තමයි මේකේ eye එක වැඩ කරන්නේ. මෙය අවශ්‍ය කරන nut එකට දමා වටේ ඇති රතු පාට ring එක කරකවිම මගින් අදාල nut එකේ ප්‍රමාණයට සකසාගත හැකි අතර ඉන්පසුව lock කිරීම මගින් සාමාන්‍ය යතුරක් මෙන් පාවිච්චියට ගන්න පුළුවන්. ඊට අමතරව අඳුරු ස්ථානයක වැඩ කිරීමේදී අවශ්‍ය ආලෝකය ලබාගැනීමට built in light එකකින්ද සහිත වනවා. නමුත් මෙහි ඇති එක් අවාසියක් වන්නේ එය තරමක් ප්‍රමාණයෙන් විශාල වීමයි. එනිසා ඉඩ කඩ සීමිත ස්ථානයක මින් වැඩ කිරීම තරමක් අපහසු කාරණයක් වනවා. දැනට අවසන් අදියරේ පවතින නිර්මාණයක් වන මෙය තව නොබෝකලකින් වෙළඳපොළට එක්කිරීමට නියමිතයි
1 thought on “ඕනෑම nut එකකට හරියන යතුර”