නැව් කතා -2 නැවක් සමතුලිතව පාවෙන්නේ කොහොමද ?
අපි මිට කලින් ගෙනආපු නැව් කතා 1 ලිපියෙන් කතා කරේ ලෝකය පුරා භාවිතා කරන විවිධ නැව් වර්ග ගැනයි. ඒ හැම නැවක් වගේම බෝට්ටුවලටත් අද කතා කරන්න යන දේ අදාලයි. නැව් බෝට්ටු හැම දෙයක්ම වතුරේ පාවෙන දෙයක්, නමුත් ඉදල හිටලා අසන්න ලැබෙනවා නේද බෝට්ටු නැව් පෙරලුන අවස්ථා ගැන. එවැනි අනතුරු වලින් බොහෝදෙනා මියගිය බව මතක ඇති. නැවක් නැතිනම් බෝට්ටුවක් හරියට සමතුලිතව පාවෙනවානම් එක ගිල්ලවන්න කුණාටු 10ක් ආවත් බැහැ. අද අපි පැහැදිලිකරන්නේ නැවක සමතුලිත බවය පවත්වාගන්න ආකාරය ගැනයි.
නැවක් තියෙන්නේ වතුරේ, එතනදී ඇතිවන්නේ උඩුකුරු තෙරපුමක්. ආකිමිඩිස් නියම අනුව නැවක් පාවෙන්නේ එහි බරට සමාන වතුර ප්‍රමාණයක් නැවේ බඳ මගින් විස්ථාපනය කිරීම නිසයි.(ආකිමිඩිස් මතක ඇතිනේ) එතැනදී නැවේ බර නැවේ ගුරුත්ව කේන්ද්‍රය (CG) මගින් පහලට ක්‍රියාකරන අතර උඩුකුරු තෙරපුම් බලය buoyancy point එක (CB) හරහා ඉහලට ක්‍රියාත්මක වනවා. තව දෙයක් තමයි ගුරුත්ව කේන්ද්‍රය නැවට සාපේක්ෂව ස්ථායිව තිබ්බට buoyancy point එක නැව දෙපැත්තට යද්දී වෙනස් වෙනවා, මොකද විස්ථාපනය වෙච්ච ජාල පරිමාව එකක් උනත් නැවේ බැඳ පැද්දෙන විදිහට ඒ පරිමාවේ හැඩය වෙනස් වන නිසා.
දැන් බලමු කොමද කුණාටුවකදී උනත් නව සමතුලිතව තියන්නේ කියල. මේක මිට වඩා බොහොම ගැඹුරු දෙයක්, නමුත් හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කරන්නම්. උඩ රුපයේ වම් පැත්තේ තියෙන්නේ ස්ථායි සමතුලිත නැවක්. එතැනදී ඔබට පේනවා ඇති නැවේ CG වඩාත් පහලින් තියෙන අතර CB ඉහලින් එක රේඛාවක තියෙනවා. ඒ වගේ අවස්ථාවක නැව එක පැත්තකට ඇල උනොත් නැවත CG ස්ථායිව තියෙද්දී CB එක පැත්තකට යනවා එතැනදී ඇතිවන ව්‍යවර්තයක් මගින් නැවත නැව කෙලින් කරන්නේ CG හා CB එක් රේඛාවක පිහිටුවමින්, නමුත් දකුණු පැත්තේ තියන විදිහට උනොත් පොඩ්ඩක් හිතල බලන්න, උඩුකුරු තෙරපුම හා නැවේ බර නිසා නව පෙරළෙනවා නේද ??
අන්න ඒ නිසා හැම වෙලාවේම නැවක ගුරුත්ව කේන්ද්‍රය පහලින් තියෙන්න තමයි design කරන්නේ, ඒ වගේම buoyancy point එක ඉහලින් තියෙන එක තමයි වඩාත් හොඳ, නමුත් එහෙම නැතුව ස්ථායිව පවත්වාගන්න විදිහකුත් තියනවා, නමුත් එක ටිකක් සංකිර්ණ නිසා පසුව විස්තර කරන්නම්.