Self Driven ට්රක් රථ දැන් ඇමෙරිකාවේ
Self driven, නැතිනම් ස්වයංක්රීයව ධාවනය වන මෝටර් රථයන් පිළිබඳව දැන් වෙනදාටත් වඩා කථාකෙරෙන බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. ටෙස්ලා සමාගම තම මෝටර් රථ සමග එම තාක්ෂනය ප්රචලිතකර අතර අද අපි කතා කරන්න සුදානම්වන්නේ ඇමෙරිකානු යුධ හමුදාව මගින් එරට මහාමාර්ග වලට හදුන්වාදුන් self driving ට්රක් රථ පිළිබඳවයි.
පසුගිය දිනෙක ඔව්න් ඇමෙරිකාවේ මිච්චිගන් නගරය අසන්න අධිවේගී මාර්ගයක මෙවැනි ට්රක් රථ හතරක් අත්හදා බැලුවා. එහිදී මේ ට්රක් රථයන් වේග සිමාවන් වලට අනුගත වෙමින් හා තම මංතීරු වෙනස්කරගනිමින් ගමන් කරන ආකාරය පරීක්ෂණ වලට ලක්කර තිබෙනවා. ඊට අමතරව මේ ට්රක් රථ කෙටි ගුවන් විදුලි තරංග යොදාගනිමින් ඒවා අතර සන්නිවේදනය පවත්වාගන්න අතර ඒ හරහා මාර්ගයේ තත්වයන් පිළිබඳව දත්ත හුවමාරු කරගැනීමත් සිදුකරනු ලබනවා.

මේ ට්රක් රථයන් තම ගමන් මාර්ගයන් පවත්වාගැනීමට කැමරා වලට අමතරව LIDAR නම් තාක්ෂණයක් උපයෝගිකරගෙන තිබෙනවා. Light Detection And Ranging හැදින්වෙන මේ ක්රමය ලේසර් කිරණ යොදාගනිමින් සිදුකරන scan එකකට සමාන කරන්න පුළුවන්. මෙහි ඇති විෂෂත්වය නම් 3D නැතිනම් ත්රිමාණ scan වීම හා එය අනුව ඉතා ඉක්මනින් යම්කිසි ස්ථානයකට ඇති දුර නිර්ණය කිරමේ හැකියාවයි. කෙසේවෙතත් තවමත් මෙම තාක්ෂනය 100%ක්ම සුදානම් බව ඔව්න් පවසන්නේ නැ. ඇමෙරිකානු හමුදා ඉංජිනේරුවන්ට අනුව මේ තාක්ෂනය පරිපුර්ණ වීමට තව වසර 10ක් 15ක් අතර කාලයක් ගතවනු ඇතියි.
